Chanux Bro
✅
YouTube වලින් ලෝක වාර්ථාවක් තැබූ ෆුට්බෝල් රොනාල්ඩෝ
22nd August 2024 in ReadMe, youtube
ලෝකයේ අංක එකේ ක්‍රීඩකයෙක්. දැන් අලුත් වැඩක් පටන් අරං. පටන් ගත්තු ගමන් දවසින් ලෝක වාර්ථවක් තියන්නත් පුලුවන් වුණා. මේ ලිපය දාන වෙලාව වෙනකොටත් යූටියුබ් එකේ සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණය මිලියන20 ට ආසන්නයි.. ක්‍රීඩාවට සම්බන්ධ නොවෙන වෙනත් මාතෘකා කීපයක් යූටියුබ් එකේ අරං එනවා කියලා තමයි ආරංචිය..
මේ තරම් ලස්සන Car Racing Game එකක් – Racing Master Mobile
21st August 2024 in game, ReadMe, Software
Racing Master Mobile Online Game – Sinhala Tutorial
Racing Master මේ Game එක install කරන හැටි ප්ලේ Play කරන ආකාරය ඇතුළු හැම දෙයක්ම ඔයාට මේ tutorial එකෙන් කියලා දෙන්න තමයි මම සූදානම් වෙන්නේ..
racing master කියන්නේ මේ වෙනකොට ලෝකෙ අතිශයින් ජනප්‍රිය වේගෙන එන, pubg වගේ online play කරන්න පුළුවන් තනියම විතරක් නෙමෙයි ටීම් එකක් විදිහට පවා.. සුපිරි Mobile Car Racing Game එකක්.
ජනප්‍රිය වෙන්න ලොකුම හේතුව තමයි මේකේ තියෙන manufacturers licensed Cars Collection එක. මේ අතරින් Ferrari, Lamborghini, Aston Martin, Porsche, Koenigsegg වගේ Cars අපිට බලාගන්න පුළුවන්
දැනට මේ ගේම් එක වැඩ කරන්නේ චීනයේ සහ තායිවානය විතරයි. ජනප්‍රියතාවය නිසාම ලෝකේ හැමෝම ට්‍රයි කරනවා කොහොමහරි මේ ගේම් එකක ප්ලේ කරන්න. අනිත් රටවල් වල ප්ලේ කරන්න පුළුවන් වෙන international beta testing කීපයක්ම ආවා. නමුත් මේ වෙනකොට ඒ කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ සම්පූර්ණයෙන්ම Wipeout වෙලා. චීනය, තායිවානය ගේම් එකේ ආතල් එක තවමත් ගත්තත්.. ලෝකෙටම රිලීස් කරන්නේ 2024 දෙසැම්බර් මාසෙ වගේ වෙනකොට කියලා තමයි ආරංචි වෙන්නේ
චීනය තායිවානය ඇරෙන්න වෙන රටකින් play story එකට Log උනත් මේක ඩවුන්ලෝඩ් කරන්න බෑ… ප්‍රශ්නෙ තමයි අපි ගේම් එක කොහොම හරි ඩවුන්ලෝඩ් කරගත්තත්, login එකක් හදාගන්න බැරිකම. මේ හැම එකටම පිළිතුරු අද අපි අරගෙන එනවා.. ඔයාට කියවමින් ඉගෙන ගන්නත් පුලුවන්, පහල තියෙන වීඩියෝ පාඩම් බලන්නත් පුළුවන්, ඒවගේම ඩවුන්ලෝඩ් හැම ලින්ක් එකක්ම මෙතනම තියෙනවා
තවමත් සාමාජිකයෙක් නෙවෙයි නං.. දැම්ම ලියාපදිංචි වෙන්න.. Download ලින්ක් සහ වීඩියෝ Enable වෙන්නේ ලියාපදිංචි වුණු සාමාජිකයන්ට විතරයි.
game එකේ කතාව සහ install කරන හැටි බලන්න කලින්ගේ, Game එක ගැන youtube එකේ කරපු රිවීව් එක මෙතන තියනව ඒක බැලුවේ නැත්නම් පහළින් බලන්න පුළුවන්. ඒක බලපු අයට ඊට පහලින් තියෙන, ඉතිරි ටික කියවගෙන ටියුටෝරියල්ස් බලාගෙන install කරගන්න පුළුවන්
දැන් කතා කලා ඇති අපි කෙලින්ම වැඩේට බහිමු.. මේක ඔයාගේ Phone එකට විතරක් නෙමෙයි computer එකේ android game Emulator එකක උනත් ලේසියෙන්ම රන් කරන්න පුළුවන්.
මුලින්ම Play Store එකට ගිහිල්ලා මෙන්න මේ ඇප් එක install කරගන්න.
පහලින් තියෙන Links පාවිච්චි කරලා ඔයාට මේක ඩවුන්ලෝඩ් කරලා install කරගන්න පුළුවන්. ඒත් මේක වැඩ කරන හැටි බලලා හිටියොත් හොඳයි කියල තමයි මම හිතන්නේ. ඒ නිසා පහලින් තියෙන වීඩියෝ එක බලලා, මේ Links download කරගත්තනම් හොඳයි..
මේ App එකෙන් තමයි ගේම් එක install කරන්නෙ.. ඕනෙනං මේ ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. නැත්තං zarchiver කියලා Play Store සර්ච් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
https://play.google.com/store/apps/details?id=ru.zdevs.zarchiver
දැනට Update වුනු Aandroid Install File (APK) එක මෙතන තියෙනවා.. ඔයාට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
https://apkpure.com/%E5%B7%94%E5%B3%B0%E6%A5%B5%E9%80%9F/com.longe.racehmt/downloading
දැන් මේ ඇප් එක පාවිච්චි කරල මේක install කරගන්න පුළුවන්.
Google, Facebook සෝෂල් login වලින් මේකට ලොග් වෙන්නත් පුළුවන්.. මේක ටෙස්ට් කරන එකක් නිසා ඔයා නිතරම පාවිච්චි කරන ගූගල් එක ෆේස්බුක් එකෙන් මේකට ලොග් වෙන්න හදන්න එපා.. මේක වෙනුවෙන්ම වෙනම පාවිච්චි නොවෙන ජීමේල් එකක් හදාගෙනවට වැඩ පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ඊමේල් එකක් උනත් දීල ලොක් වෙන්න පුළුවන්. login එක දුන්නොත් වාසිය තමයි.. ඔයා මේක ආයෙ install කරොත්, වෙන ෆෝන් එකකට මාරු වුනොත්.. ඔයා නවත්තපු තැන ඉඳන් ඔය පටන් ගන්න පුළුවන්..
Racing Mascter Game එක හොඳටම Play කරන්න නම් ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ හාඩ්වයාවක් තියෙන්න ඕනේ කියල තමයි ගේම් එකේ නිර්මාණකරුවෝ කියන්නේ
- Operating System: Android 7.0
- System on Chip (SoC): Snapdragon 820+ CPU
- Minimum RAM: 4GB
අපේ ගේම් එක install කරගත්තට පස්සේ Additional 9GB විතර සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් වෙනව, ඒ කියන්නේ game එකේ install file එකේ 2GB size එකයි, ඔක්කොමත් එක්ක Space එක 12GB වත් තියෙන්න ඕනේ..
mobile game එක computer එකේ play කරන්න, ඔයා HD emulator එකක් පාවිච්චි කරනවා නම්, space එක ජී.පී 40 ක් වත් ඕනි කියල තමයි කියන්නේ
ඔයාට තියෙන ගැටළු පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් අපි සාකච්ඡා කරමු.. ඔයාගේ games play කරන අනිත් යාලුවොන්ට මේ ලිපිය ශෙයා කරන්න අමතක කරන්න එපා.
ගේම් එක ගැන ඔයා මොකද හිතන්නෙ? ඔයාගේ ෆෝන් එක මොකක්ද ඔයාට මේක ප්ලේ කරන්න පුළුවන් වුනාද ඔයාගේ හැම අත්දැකීමක්ම පහළ කමෙන්ට් එකෙන් දාන්න අපිට වගේම මේක බලන්නේ නැ හැමෝටම ඔයාගේ කමෙන්ට් එක ගොඩක් වැදගත් වෙයි
අත ඇරලා දාලා තිබුණු Gaming යූටියුබ් චැනල් එකෙන් ආයෙත් සල්ලි
10th August 2024 in ReadMe, youtube
අවුරුදු ගානකට කලින් අත ඇරලා දාලා තිබුණු Gaming යූටියුබ් චැනල් එකෙන් ආයෙත් සල්ලි එන්න පටන් ගත්තා.. මේ මම ආසාවට අවුරුදු හතරකට කලින්, Games Play කරන්න හදපු YouTube චැනල් එකක්. ඒකෙ නම PlayGuin. ඒ කාලේ වීඩියෝස් දැම්මට මේක Monetize කරලා තිබුණෙ නෑ. ඒ කියන්නෙ මේකෙන් සල්ලි ලැබුණෙ නෑ. මොකද Subs 1000 සහ Watch Hours අවශ්‍ය නිසා.
කොහොම හරි ඒ කාලෙ මම දාපු වීඩියෝ කීපය නිසා සබ්ස්ක්‍රයිබර්ස්ලා නම් ගොඩක් ඇවිල්ලා තිබුනා.. අවුරුද්දක් ඇතුළත Watch Hrs complete කරගන්න ඕන නිසාම.. ඒක Complete වෙලා තිබුණෙ නෑ..
ලඟදි මම ගත්ත Gaming Gadgets ටිකයි Games ටිකයි නිසා වීඩියෝ එකක් දෙකක් රෙකෝඩ් කරල දාන්න හිතුනා.. දැක්කනේ වීඩියෝ නොදා ඉඳලා පාළුවට ගිහිල්ලා තිබුණු චැනල් එකට එක පාරටම Views එන්න පටන් ගත්තා.. ලක්ෂ ගණන් නෙමෙයි දවසට හත්දාහක් වගේ පොඩි ගානක්. මිනිස්සුන්ට නොතේරෙන දේ තමයි මේ පොඩි Views වලිනුත්, අපිට ලොකු $ ගානක් උපයන්න පුළුවන් කියන එක..

වීඩියෝස් දෙකෙන් ආපු Views වලින් Watch Hrs 3000+ ම දින කිහිපයක් ඇතුළත ආවා.. ඊළඟ දවසේ, Watch hrs 4000 Complete නිසා මම youtube partner program එකට ඇප්ලයි කරා. පහුවදා උදේ 11.00 වෙනකොට මාව youtube partner program එකට ඇතුළත් කරගෙන තිබුණා. ඒ කියන්නේ මට මුදල් උපයන්න පුළුවන් තත්ත්වයට යූටියුබ් චැනල් එක අප්ඩේට් කරලා තිබුණා..

පුංචි Views ගානකින් එන පුංචි ඩොලර් $ ගාන උනත් මාසයක් යනකොට, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ වැටුපට වැඩි ප්‍රමාණයක් අපිට උපයා ගන්න පුළුවන්. එහෙම පුංචියට ඩොලර් එන්නේ, ඉතින් වීඩියෝස් නොදා හිටියොත් තමයි. වීඩියෝස් දාලා හොඳට චැනල් එක Update කරලා, මිනිස්සුන්ට ආස හිතෙන විදියට වැඩ කරන්න ගත්තොත්.. මේක බලාගෙන ඉද්දි වැඩි වෙන්න පටන් ගන්නවා..

මම හිතන්නේ youtube කියන්නේ FullTime Only කරන්නම පුළුවන් දෙයක් විතරක්ම නෙමෙයි.. මනුස්සයෙක්ගේ හැම Hobbies වලින් පවා, අමතරව මුදල් උපයන්න පුළුවන් මිනිස්සු අතරට යන්න පුළුවන් හොඳ මාර්ගයක්..
මේ විදිහ යූටියුබ් චැනල් හදන එකත් දැම්මට විනෝදාංශයක් වෙලා.. මුදල් උපයන youtube channel එකතුවට එකතුවෙන අලුත්ම චැනල් එක මේක PlayGuin
මම දන්නවා මේ කියපු සමහර දේවල් ගැන ඔයාලට කිසිම අයිඩියා එකක් නැහැ. . ඒ කියන්නේ youtube වලින් මේ විදියට මුදල් උපයන්න පුළුවන්ද කියන එක ගැනවත් ඔයාට අදහසක් නෑ. . ඔයාල වෙනුවෙන් තමයි මේ චැනල් එක මම හදල තියෙන්නේ. Master Academy ( https://www.youtube.com/@masteracademylk ) මේ හැම දේම පැහැදිලිව කතා කරලා තියෙනවා
youtube වලින් සාර්ථක වනුවෙන් එක ගැන මම ගොඩක් දේවල් කතා කරල තියනව Master Academy ( https://www.youtube.com/@masteracademylk ) යූටියුබ් චැනල් එකේ හොයලත් කැමතිනම් ඒකට ජොයින් වෙන්න
ඔයාගේ email එකේ විස්තර ලීක් වෙලා කියලා දැනගෙන හිටියාද ?
8th August 2024 in ReadMe, Software
ඔයාගේ පාස් වර්ඩ් එක ලීක් වෙලාද කියලා තමයි අද අපි දැනගන්න යන්නේ. internet එකේ කොයිතරම් නම් තැන් තැන්වලට ඔයාගේ පාස් වර්ඩ් එක දීලා ඇතිද. මේ එක තැනකින් හරි ඔයාගේ පාස් වර්ඩ් එක ලීක් වෙලා තිබුණොත්, ඔයාට ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන්.
ඒක කොයිතරම් භයානකද කියලා අහන්න ඕනෙ තමන්ගේ Gmail එක, facebook එක, වට්සැප් එක හෝ බැංකු App පාස් වර්ඩ් එක ලීක් වුනු කෙනෙකුගෙන්.
ඒ වගේ දෙයක් වෙන්න කලින් අපිට දැනගන්න පුළුවන් ඔයාගේ ඊමේල් එක හෝ එකවුන්ට් එක හෝ පාස් වර්ඩ් එක ලීක් වෙලාද කියන එක. ඒක කරන්න හරිම ලේසියි..
මේ තියෙන්නේ අදාල වෙබ් අඩවිය මුලින්ම මේකට යන්න.. ලින්ක් එක මේ ලිපියේ පහලින්ම දාලා තියෙනවා..

දැන් මෙතන ඔයා නිතරම පාවිච්චි කරන ඊ මේල් එකක් ටයිප් කරන්න..
මේ විදිහට රතු පාටින් ආව කියන්නේ ඔයාගේ එකවුන්ට් අනිවාර්යයෙන් ලින්ක් වෙලා තියෙනවා.

ඒ නිසා හැකි ඉක්මනින් ඔයා පාවිච්චි කරන ඉන්ටර්නෙට් එකවුන්ස් වල පාස්වර්ඩ් මාරු කරගන්න ඕන..
මෙතනින් පහළට ගියාම ඔයාගේ එකවුන් ඩීටේල්ස් emails passwords leak වෙලා තියෙන්නේ කොහෙන්ද කියල බලාගන්න පුළුවන්.
ඔයා පහළට ගිහිල්ලා බැලුවොත් ලෝක ප්‍රසිද්ධ ෆේස්බුක් වෙබ් අඩවියෙන් පවා මිනිස්සුන්ගේ පුද්ගලික තොරතුරු ලීක් වෙලා තියෙනවා පෙන්නනවා..
ඔයාගේ ඊමේල් එකේ ගැහුවම මෙහෙම කොල පාටට එනවනම්, ඒ ඊමේල් එක සහ ඒකෙන් හදපු එකවුන්ට් මේ වෙනකන් ලීක් වෙලා නෑ..

ඊමේල් එකත් එක්ක online තැන් තැන් වල register වෙනකොට අපි දෙන usernames, අනිත් විස්තර , address, credit cards, පාස් වර්ඩ් ෆොටෝස් වීඩියෝස් වගේ දේවලුත් මේකත් එක්ක ලීක් වෙලා තියෙන්න පුළුවන්..
ඒ නිසා දන්න නොදන්න හැම තැනටම එකම ඔයාගේ ඔරිජිනල් email එක පාවිච්චි කරන එක නවත්තන්න. විශ්වාස නැති තැන්වලට ලියාපදිංචි වෙන්න, අවදානම අඩු වෙනමම ඊමේල් එකක් තියාගෙන ඉන්න පුරුදු වෙන්න..
LINK > https://haveibeenpwned.com/
ඔයාගේ ඊමේල් එක කොළද රතුද පහල කමෙන්ට් කරන්න යාළුවෙක්ට දැනගන්න මේක අනිවාර්යෙන් share කරන්න.. තාම ChanuxBro.com වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා නැත්නම් දැම්ම ලියාපදිංචි වෙන්න ඉස්සරහට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්..
ඕනම වෙබ්සයිට් එකක් ඇප් එකක් කරගමු
7th August 2024 in Phone, ReadMe
How to convert website into app (iPhone and Android) Sinhala tutorial ඇයි අපි ෆෝන් එකේ website එකක් වෙනුවට ඇප් එකක් පාවිච්චි කරන්නෙ? වෙබ් බ්‍රව්සේකට ගිහිල්ලා, වෙබ්සයිට් එකේ නම ටයිප් කරලා, website එකට යනවාට වඩා.. App එකක් විදියට icon එක ක්ලික් කරපු ගමන් වෙබ් සයිට් එකට යන්න පුලුවන්නම් එක අපිට ගොඩක් ලේසියි..
ඔයාගේ ඇඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් හෝ iphone එකෙන් මේක හරියටම කරගන්න පුළුවන්
මේ සඳහා ඔයාට Google Chrome web browser app එක download කරගන්න වෙනවා. ගොඩක් වෙලාවට මේක Phone එකේ තියනවා නැතිනම් විතරක් ඩවුන්ලෝඩ් කරගන්න.

01. මුලින්ම වෙබ් බ්‍රවුස් එකේ ඔයා කැමති වෙබ්සයිට් එකේ Address එක ටයිප් කරන්න.. මම උදාහරණයක් විදිහට ChanuxBro.com කියන එක දෙන්නම්.
02. දැන් Web Browser (Google Chrome) එකේ Settings Menu එකට යන්න
03. Add to Home Screen කියන එක ක්ලික් කරන්න
03. දැං install button එක ටැප් කරන්න.

ඔයාගේ ෆෝන් එකේ Home එකට ගිහින් බලන්න, Website එක App එකක් වෙලා තියෙනවා.. දැන් ඔයාට පුළුවන් මේක ටැප් කරපු ගමන් Web Address එක ටයිප් කරන්නේ නැතුව ඔයා කැමති website එකට යන්න..

මොනවාද මේ KeyBoard එකේ F Keys කියන්නේ 🤔
5th August 2024 in ReadMe, Software, Tips
ඔයාගේ පරිගණකයේ කීබෝඩ් එකේ හෝ ලැප්ටොප් කීබෝඩ් එකේ උඩ මේ ආකාරයේ 3 අකුරු වලින් කී තියෙනවා ඔයාලා දැකලා ඇති. සමහර අය නම් මේවා භාවිතා කරනවා.වැඩිය ඒවා පාවිචචි නොකරය අද සදහා මේ ලිපිය වැදගත් වෙයි..
ගොඩක් Softwares, Apps වලට, අන්තර්ජාලය පාවිච්චි කරනකොට.. මේ Keys ටික එකම විදිහට වැඩ කරන්න තමයි වින්ඩෝස්ලා සහ සොෆ්ට්වෙයා නිර්මාණකරුවෝ මේක හදල තියෙන්නෙ.
මේවාට අපි කියන්නේ F1 , F2 , F3 Keys නැතිනම් Function Keys කියලා. සමහර අය නම් මේවට Short Keys කියලත් කියනවා

සාමාන්‍ය කොම්පියුටරයක කීබෝඩ් එකක නම් මේ කී එක ප්‍රෙස් කරපු ගමන් වැඩ කරනවා. සමහර laptops වල පහල තියෙන fn කී එකත් එක්ක එබුවොත් විතරයි මේක වැඩ කරන්නෙ.. ඒක පරිගණකයෙන් පරිගණකයට වෙනස් වෙනවා..
කොහොම නමුත් මේ F Key එකක් තනියම ප්‍රෙස් කරොත් එක දෙයක් වෙන්නටත්, Example (F1)
තවත් Key එකක් එක්ක Key Combination එකක් විදියට ප්‍රෙස් කරොත් තවත් දෙයක් වෙන්නත් මේකෙන් වැඩ ගන්න අපිට පුළුවන් (Example Alt+F4)
අවධානයෙන් බැලුවොත් ඔයාලට පේනවා ඇති F1 සිට F12 දක්වා Keys දොළහක් අපිට මෙතනදි බලාගන්න පුළුවන්
දැන් අපි බලමු මේ Keys වලින් ගන්න පුළුවන් වැඩ මොනවද කියලා..

F1 Key
ඕනෑම software එකක, Game එකක වගේ, ඇතුලෙ ඉන්න ගමන් F1 Key ප්‍රෙස් කරොත් Help හෙවත් උදව් වලට ඔයාලට යන්න පුළුවන්
F2 Key
ගොඩක් තැන් වලදීම Edit කරන්න Rename වගේ දේවල් සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්
F3
පාවිච්චි කරමින් ඉන්න software එක ඇතුලේ මොනවා හරි Search කරන්න ඕනෙනං මේ කියන පාවිච්චි කරන්න පුළුවන්
F4
F4 එක ගොඩක්ම ජනප්‍රිය ALT key එකත් එක්ක ප්‍රෙස් කරපුවම, (ALT + F4) වැඩ කර කර ඉන්න සොෆ්ට්වෙ එක Window එක close කරල දාන්න පුළුවන්. Wondows OS Shutdown කරන්නත් ALT + F4 වලට පුළුවන්
F5
ඉස්සර windows refresh කරනකොට මේක අපි නිතර පාවිච්චි කරා. දැනටත් software එක ඇතුලේ Web Browser එක ඇතුලේ refresh කරන්න ඕනේ නම් මේ කියන පාවිච්චි කරන්න පුළුවන්
F6
ඔයා වෙබ් බ්‍රවුස් එකක ඉන්න ගමන් F6 එක ක්ලික් කරොත්, මවුස් පොයින්ට් එක Automatically Address Bar යනවා. mouse එකට අත ගෙනියන්න කම්මැලි වෙලාවට මේක හොඳ ටිප් එකක්
F7
microsoft software ඇතුලේ, ඔයා ලියන දේවල් වල Grammer චෙක් කරන්න මේ කියන පාවිච්චි කරන්න පුළුවන්
F8
Computer එක ON කරපු ගමන් Boot වෙන්න කලින් F8 click කරොත් ඔයාගේ Boot Menu එක බලාගන්න පුලුවන්. කොම්පියුටර් එක Format(WIndows Install) කරන වෙලාවට එහෙම මේක ගොඩක් වැදගත්.
F9
Microsoft word document refresh කිරීමටත්, OutLook ඊමේල් යැවීම ගෙන්වීම වගේ කටයුතුවලට මේ Key පාවිච්චි වෙනවා
F10
ගොඩක් Softwares වල Menu Bar Open කරගන්න F10 කියන පාවිච්චි වෙනවා. Wondows වලදී Shift key + F10 mouse එකේ රයිට් ක්ලික් වගේ Menu එක ඕපන් වෙනවා
F11
Internet යන Web Browser එකේ ඉන්න ගමන්, මේ Key එක Press කරොත් Full Screen ON කරන්න OFF කරන්න පුළුවන්.. Games වලටත් මේක වැඩ කරනවා. ට්‍රයි කරල බලන්න
F12
සමහර සොෆ්ට්වල SAVE සහ SAVE AS සඳහා මේ F12 භාවිතා වෙනවා
ඕනම Software එකක, ඕනම Game එකකන් වැඩ පටන් ගන්න කලින්.. මේ F Keys ටික ට්‍රයි කරලා බලන්න. ඔයාට Short Cuts ගොඩක්, වැඩ පහසු කරගන්න ගොඩක් ක්‍රම හම්බවෙයි. මේ අතරින් වැඩිපුරම පාවිච්චි කරන්නේ මොකක්ද? ඔයා දන්න දේවල් පහළින් කමෙන්ට් කරන්න. තවත් වැඩ කෑලි තවත් ලිපියකින් ගේනවා
දැනුම බෙදන ගමන් ඔයාටත් Tech Gadgets ජයග්‍රහණය කරන්න දැන් පුළුවන්..
4th August 2024 in ReadMe
දැනුම බෙදන ගමන් ඔයාටත් Tech Gadgets ජයග්‍රහණය කරන්න දැන් පුළුවන්..
මෙම ලිපියේ ඉතුරු ටික කියවීමට / වීඩියෝ නැරඹීමට / Download කිරීමට හැක්කේ.. සාමාජිකයින්ට පමණි.
ඔබත් දැන්ම සාමාජිකයෙන් වෙන්න.. පහත Button ලොග් වෙන්න

මෙම ලිපියේ ඉතුරු ටික කියවීමට / වීඩියෝ නැරඹීමට / Download කිරීමට හැක්කේ.. සාමාජිකයින්ට පමණි.
ඔබත් දැන්ම සාමාජිකයෙන් වෙන්න.. පහත Button ලොග් වෙන්න

මෙම ලිපියේ ඉතුරු ටික කියවීමට / වීඩියෝ නැරඹීමට / Download කිරීමට හැක්කේ.. සාමාජිකයින්ට පමණි.
ඔබත් දැන්ම සාමාජිකයෙන් වෙන්න.. පහත Button ලොග් වෙන්න
ගොඩක් දෙනෙක් කියවන්න කැමති තාක්ෂණික අධ්‍යාපනික, ඕනෑම මාතෘකාවක් ගැන ලියන්න ඔයාට පුළුවන් නම්, හැම මාසෙකම ජනප්‍රියම ලිපිය මොකක්ද කියන එක අපේ සාමාජිකයෝ වෝට් එකකින් තීරණය කරනවා.
එනිසා ඔයාට කරන්න තියෙන්නේ මිනිස්සුගේ අවධානය වැඩිපුර ලැබෙන තාක්ෂණික, අධ්‍යාපනික ඕනෑම මාතෘකාවක් පිළිබඳ ලිපි ලියන එක විතරයි..
වැඩි දෙනෙක්ගේ අවධානය ගන්න පුළුවන් මාතෘකා කීපයක් ගැන මම පහලින් ලිස්ට් කරන්නම්..
- Tech News – සිංහලෙන්
තාක්ෂණික ලෝකයේ අලුතින්ම වෙන දේවල් ගැන පුවත් - Gadgets – සිංහලෙන්
තාක්ෂණික උපකරණ ගැන - Tips
දේවල් භාවිතා කිරීමට උපකාරවනීය tips tricks වගේ දේවල් (software/computer/phone/games) - ලෝකයේ ප්‍රසිද්ධ ආයතන, ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන
- Games ඇතුළු විනෝදකාමී දේවල්
ඇතුළු තාක්ෂණික අධ්‍යාපනික ඕනෑම වැදගත් මාතෘකාවක් මෙතනින් සාකච්ඡා කරන්න පුළුවන්
වැදගත්
- අන්තර්ජාලය දැනටමත් ඇති සිංහල ලිපි කොපි කිරීම නොකළ යුතුයි
- ඉංග්‍රීසි ලිපි පරිවර්තනය කළ හැක. ලිපියේ මූලාශ්‍රය සඳහන් කළොත් වටිනවා.
- AI ජෙනරේටඩ් සිංහල ලිපි භාවිතා නොකළ යුතුයි.
- ලියන භාෂාවට වඩා කතා කරන භාෂාවෙන් ලිපි ලියනකොට, කියවන්න ගොඩක් ලේසි වගේම කෙටියෙන් ලියන්නත් පුළුවන්.
- එක් අයෙක්ට ඕනෑම ලිපි ප්‍රමාණයක් ලිවිය හැක.
- අදාලා මාසයේ තෝරන්නේ එම මාසයේ දැමූ ලිපි පමණි.
- සාමාජිකයින් විසින් පහත ආකාරයට ඔබගේ ලිපියට තරු ලබාදෙනු ඇත.

ඔයත් මේ තරගයට ඇතුළත් වෙන්න කැමතියි නම් දැනට ලියපු ලිපියක් 0743692051 වට්සැප් අංකයට එවන්න.. ඔයා කලින් ලියපු එකක් උනත් දැන් මේක වෙනුවෙන්ම ලියපු එකක් වුණත් කමක් නැහැ. වැඩි විස්තර ඔයාට වට්සැප් එකෙන් එවන්නම්.
Welcome to ChanuxBro 🐧 Community
3rd August 2024 in ReadMe
තාක්ෂණය එන්න එන්න අලුත් වෙනවා. මේ දේවල් ඉගෙන ගන්න අපි හැමෝම කැමතියි. අපේම භාෂාවෙන් මේ දේවල් කතා කරන්න ඉගෙනගන්න ඇහුම්කන් දෙන්න කියවන්න තියෙන තැන් බොහොම අඩුයි. තාක්ෂණය විතරක් නෙමේ. අලුතින් ඉගෙන ගන්න ඕනෑම මාතෘකාවක් කතා කරන්න ඉගෙන ගන්න තියෙන තැනක් නිර්මාණය කරන්න තමයි, මේ වෙබ් අඩවිය මේ විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ.
වීඩියෝ නරඹලා පින්තූර බලලා අපිට දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ දේවල් ගොඩක් වේගෙන් වෙනස් වෙමින් තමයි අපි ඉගෙන ගන්නේ. නමුත් කියවමින් ඉගෙන ගන්නකොට, අපේ මොළයට අපිට දැනෙන දේ අපිට හැඟෙන දේවල් අපිට ඒ දේවල් තේරුම්ගන්න පුළුවන් විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
උදාහරණයක් විදිහට..
මොලේ කැමතියි ඔයා කියවමින් දේවල් ඉගෙන ගන්නවට
ඒකෙන් මොළේ ඇතුලෙ තියෙන ක්‍රියාකාරීත්වය වගේම අන්තර් සබඳතා ගොඩක් වැඩිදියුණු වෙනවා, කියවන වෙලාවට මොළය නිතරම ක්‍රියාකාරීව තියාගෙන ඉන්න පුළුවන්, පාවිච්චි නොකර තියෙන දේවල් නිකම්ම ගෙවිල යනව කියලවල අහලා තියෙනවානේ..
Stress එක අඩු කරගන්න පුළුවන්
කියවන වෙලාවට අපිට දෙයක් තේරුම් ගන්න පුළුවන්, අපිටම ඒ ගැන හිතන්න පුළුවන්, එතකොට අපේ මොලේ ටිකක් රිලැක්ස් වෙනව, කලබලකාරී ගතිය අඩු වෙනවා, අපේ ආතතිය අඩුවෙනව, කියවන දේවල් හොඳට ධාරණය කරගන්න හැකියාව ලැබෙනවා.
Fun Fact – අන්න ඒ නිසා තමයි සමහර අය කියවමින් ඉන්නකොට, නින්ද යන එක පවා සිද්ධ වෙන්නේ
කියවීමෙන් ඔබේ වචන මාලාව, අවබෝධය, ලිවීමේ කුසලතා, විශ්ලේෂණාත්මක චින්තනය, මතකය, අවධානය සහ ඒකාග්‍රතාවය පවා වැඩිදියුණු කරන්න පුළුවන්. එනිසාම ඔයාගේ සංවේදනය, ඔයාගේ සන්නිවේදන හැකියාව, සහ ඔයාගේ දැනුම වර්ධනය කරගන්න ඔයාට පුළුවන්..
You must be logged in to post a comment.