ඔයාගේ email එකේ විස්තර ලීක් වෙලා කියලා දැනගෙන හිටියාද ?
ඔයාගේ පාස් වර්ඩ් එක ලීක් වෙලාද කියලා තමයි අද අපි දැනගන්න යන්නේ. internet එකේ කොයිතරම් නම් තැන් තැන්වලට ඔයාගේ පාස් වර්ඩ් එක දීලා ඇතිද. මේ එක තැනකින් හරි ඔයාගේ පාස් වර්ඩ් එක ලීක් වෙලා තිබුණොත්, ඔයාට ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන්.
ඒක කොයිතරම් භයානකද කියලා අහන්න ඕනෙ තමන්ගේ Gmail එක, facebook එක, වට්සැප් එක හෝ බැංකු App පාස් වර්ඩ් එක ලීක් වුනු කෙනෙකුගෙන්.
ඒ වගේ දෙයක් වෙන්න කලින් අපිට දැනගන්න පුළුවන් ඔයාගේ ඊමේල් එක හෝ එකවුන්ට් එක හෝ පාස් වර්ඩ් එක ලීක් වෙලාද කියන එක. ඒක කරන්න හරිම ලේසියි..
මේ තියෙන්නේ අදාල වෙබ් අඩවිය මුලින්ම මේකට යන්න.. ලින්ක් එක මේ ලිපියේ පහලින්ම දාලා තියෙනවා..

දැන් මෙතන ඔයා නිතරම පාවිච්චි කරන ඊ මේල් එකක් ටයිප් කරන්න..
මේ විදිහට රතු පාටින් ආව කියන්නේ ඔයාගේ එකවුන්ට් අනිවාර්යයෙන් ලින්ක් වෙලා තියෙනවා.

ඒ නිසා හැකි ඉක්මනින් ඔයා පාවිච්චි කරන ඉන්ටර්නෙට් එකවුන්ස් වල පාස්වර්ඩ් මාරු කරගන්න ඕන..
මෙතනින් පහළට ගියාම ඔයාගේ එකවුන් ඩීටේල්ස් emails passwords leak වෙලා තියෙන්නේ කොහෙන්ද කියල බලාගන්න පුළුවන්.
ඔයා පහළට ගිහිල්ලා බැලුවොත් ලෝක ප්‍රසිද්ධ ෆේස්බුක් වෙබ් අඩවියෙන් පවා මිනිස්සුන්ගේ පුද්ගලික තොරතුරු ලීක් වෙලා තියෙනවා පෙන්නනවා..
ඔයාගේ ඊමේල් එකේ ගැහුවම මෙහෙම කොල පාටට එනවනම්, ඒ ඊමේල් එක සහ ඒකෙන් හදපු එකවුන්ට් මේ වෙනකන් ලීක් වෙලා නෑ..

ඊමේල් එකත් එක්ක online තැන් තැන් වල register වෙනකොට අපි දෙන usernames, අනිත් විස්තර , address, credit cards, පාස් වර්ඩ් ෆොටෝස් වීඩියෝස් වගේ දේවලුත් මේකත් එක්ක ලීක් වෙලා තියෙන්න පුළුවන්..
ඒ නිසා දන්න නොදන්න හැම තැනටම එකම ඔයාගේ ඔරිජිනල් email එක පාවිච්චි කරන එක නවත්තන්න. විශ්වාස නැති තැන්වලට ලියාපදිංචි වෙන්න, අවදානම අඩු වෙනමම ඊමේල් එකක් තියාගෙන ඉන්න පුරුදු වෙන්න..
LINK > https://haveibeenpwned.com/
ඔයාගේ ඊමේල් එක කොළද රතුද පහල කමෙන්ට් කරන්න යාළුවෙක්ට දැනගන්න මේක අනිවාර්යෙන් share කරන්න.. තාම ChanuxBro.com වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා නැත්නම් දැම්ම ලියාපදිංචි වෙන්න ඉස්සරහට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්..
❤️
පලවෙනි star එක click කරනකොටම lock උනා. පස්සෙ තමයි ක්‍රමේ අල්ලගත්තේ.😪❤️
ඊලග පාර වරදිනේ නෑ 🫣
hee
මගේ රතු තිබ්බේ. 1 data breach. මට හිතා ගන්න බැරි උනා. මන් අනිත් තප්පරේ දී පස්ස්වොර්ඩ් එක මාරු කරා. Thanx ayye!
Ammatasiri mage leak wela
green
මම email address දෙකක් පාවිච්චි කරනවා. එකක් සාමාන්‍ය වැඩ වලට.
උදා: facebook , youtube සහ website වලට ලොග් වෙන්න වගේ…
ඒක දැනටමත් ලීක් වෙලා. 😅
අනික මගේ රාජකාරී වැඩ වලට. ඒක ලීක් වෙලා නෑ. ආරක්ෂිතයි.😌
❤️
red😬😮Oh no