Welcome to ChanuxBro 🐧 Community

තාක්ෂණය එන්න එන්න අලුත් වෙනවා. මේ දේවල් ඉගෙන ගන්න අපි හැමෝම කැමතියි.  අපේම භාෂාවෙන් මේ දේවල් කතා කරන්න ඉගෙනගන්න ඇහුම්කන් දෙන්න කියවන්න තියෙන තැන් බොහොම අඩුයි.  තාක්ෂණය විතරක් නෙමේ. අලුතින් ඉගෙන ගන්න ඕනෑම මාතෘකාවක් කතා කරන්න ඉගෙන ගන්න තියෙන තැනක් නිර්මාණය කරන්න තමයි, මේ වෙබ් අඩවිය මේ විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ.  

වීඩියෝ නරඹලා පින්තූර බලලා අපිට දේවල් ඉගෙන ගන්න පුළුවන්.  ඒ දේවල් ගොඩක් වේගෙන් වෙනස් වෙමින් තමයි අපි ඉගෙන ගන්නේ.  නමුත් කියවමින් ඉගෙන ගන්නකොට,  අපේ මොළයට අපිට දැනෙන දේ අපිට හැඟෙන දේවල් අපිට ඒ දේවල් තේරුම්ගන්න පුළුවන් විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

උදාහරණයක් විදිහට..

මොලේ කැමතියි ඔයා කියවමින් දේවල් ඉගෙන ගන්නවට

 ඒකෙන් මොළේ ඇතුලෙ තියෙන ක්‍රියාකාරීත්වය වගේම අන්තර් සබඳතා ගොඩක් වැඩිදියුණු  වෙනවා, කියවන වෙලාවට මොළය නිතරම ක්‍රියාකාරීව තියාගෙන ඉන්න පුළුවන්,  පාවිච්චි නොකර තියෙන දේවල් නිකම්ම ගෙවිල යනව කියලවල අහලා තියෙනවානේ..

Stress එක අඩු කරගන්න පුළුවන් 

කියවන වෙලාවට අපිට දෙයක් තේරුම් ගන්න පුළුවන්, අපිටම ඒ ගැන හිතන්න පුළුවන්, එතකොට අපේ මොලේ ටිකක් රිලැක්ස් වෙනව, කලබලකාරී ගතිය අඩු වෙනවා, අපේ ආතතිය අඩුවෙනව, කියවන දේවල් හොඳට ධාරණය කරගන්න හැකියාව ලැබෙනවා. 

Fun Fact – අන්න ඒ නිසා තමයි සමහර අය කියවමින් ඉන්නකොට, නින්ද යන එක පවා සිද්ධ වෙන්නේ

කියවීමෙන් ඔබේ වචන මාලාව, අවබෝධය, ලිවීමේ කුසලතා, විශ්ලේෂණාත්මක චින්තනය, මතකය, අවධානය සහ ඒකාග්‍රතාවය පවා වැඩිදියුණු කරන්න පුළුවන්. එනිසාම ඔයාගේ සංවේදනය, ඔයාගේ සන්නිවේදන හැකියාව, සහ ඔයාගේ දැනුම වර්ධනය කරගන්න ඔයාට පුළුවන්..

Responses

Please login to rate the post.