මොනවාද මේ KeyBoard එකේ F Keys කියන්නේ 🤔

ඔයාගේ පරිගණකයේ කීබෝඩ් එකේ හෝ ලැප්ටොප් කීබෝඩ් එකේ උඩ මේ ආකාරයේ 3 අකුරු වලින් කී තියෙනවා ඔයාලා දැකලා ඇති. සමහර අය නම් මේවා භාවිතා කරනවා.වැඩිය ඒවා පාවිචචි නොකරය අද සදහා මේ ලිපිය වැදගත් වෙයි..

ගොඩක් Softwares, Apps වලට, අන්තර්ජාලය පාවිච්චි කරනකොට.. මේ Keys ටික එකම විදිහට වැඩ කරන්න තමයි වින්ඩෝස්ලා සහ සොෆ්ට්වෙයා නිර්මාණකරුවෝ මේක හදල තියෙන්නෙ.

මේවාට අපි කියන්නේ F1 , F2 , F3 Keys නැතිනම් Function Keys කියලා.  සමහර අය නම් මේවට Short Keys කියලත් කියනවා

සාමාන්‍ය කොම්පියුටරයක කීබෝඩ් එකක නම් මේ කී එක ප්‍රෙස් කරපු ගමන් වැඩ කරනවා.  සමහර laptops වල පහල තියෙන fn කී එකත් එක්ක එබුවොත් විතරයි මේක වැඩ කරන්නෙ.. ඒක පරිගණකයෙන් පරිගණකයට වෙනස් වෙනවා..

කොහොම නමුත් මේ F Key එකක් තනියම ප්‍රෙස් කරොත් එක දෙයක් වෙන්නටත්, Example (F1) 

තවත් Key එකක් එක්ක Key Combination එකක් විදියට ප්‍රෙස් කරොත් තවත් දෙයක් වෙන්නත් මේකෙන් වැඩ ගන්න අපිට පුළුවන් (Example Alt+F4)

අවධානයෙන් බැලුවොත් ඔයාලට පේනවා ඇති F1 සිට F12 දක්වා Keys දොළහක් අපිට මෙතනදි බලාගන්න පුළුවන්

දැන් අපි බලමු මේ Keys  වලින් ගන්න පුළුවන් වැඩ මොනවද කියලා..

F1 Key
ඕනෑම software එකක, Game එකක වගේ,  ඇතුලෙ ඉන්න ගමන් F1  Key ප්‍රෙස් කරොත් Help හෙවත් උදව් වලට ඔයාලට යන්න පුළුවන්

F2 Key
ගොඩක් තැන් වලදීම Edit කරන්න Rename වගේ දේවල් සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්

F3
පාවිච්චි කරමින් ඉන්න software එක ඇතුලේ මොනවා හරි Search කරන්න ඕනෙනං මේ කියන පාවිච්චි කරන්න පුළුවන්

F4
F4 එක ගොඩක්ම ජනප්‍රිය ALT key එකත් එක්ක ප්‍රෙස් කරපුවම, (ALT + F4) වැඩ කර කර ඉන්න සොෆ්ට්වෙ එක Window එක close කරල දාන්න පුළුවන්. Wondows OS Shutdown කරන්නත් ALT + F4 වලට පුළුවන්

F5
ඉස්සර windows refresh කරනකොට මේක අපි නිතර පාවිච්චි කරා. දැනටත් software එක ඇතුලේ Web Browser එක ඇතුලේ refresh කරන්න ඕනේ නම් මේ කියන පාවිච්චි කරන්න පුළුවන්

F6
ඔයා වෙබ් බ්‍රවුස් එකක ඉන්න ගමන් F6 එක ක්ලික් කරොත්, මවුස් පොයින්ට් එක Automatically Address Bar යනවා.  mouse එකට අත ගෙනියන්න කම්මැලි වෙලාවට මේක හොඳ ටිප් එකක්

F7
microsoft software  ඇතුලේ, ඔයා ලියන දේවල් වල Grammer චෙක් කරන්න මේ කියන පාවිච්චි කරන්න පුළුවන්

F8
Computer එක ON කරපු ගමන් Boot වෙන්න කලින් F8 click කරොත් ඔයාගේ Boot Menu එක බලාගන්න පුලුවන්. කොම්පියුටර් එක Format(WIndows Install) කරන වෙලාවට එහෙම මේක ගොඩක් වැදගත්.

F9
Microsoft word document refresh කිරීමටත්,  OutLook  ඊමේල් යැවීම ගෙන්වීම වගේ කටයුතුවලට මේ Key පාවිච්චි වෙනවා

F10
ගොඩක් Softwares  වල Menu Bar Open කරගන්න F10 කියන පාවිච්චි වෙනවා. Wondows  වලදී Shift key + F10  mouse එකේ රයිට් ක්ලික් වගේ Menu එක ඕපන් වෙනවා

F11
Internet යන Web Browser එකේ ඉන්න ගමන්, මේ Key එක Press කරොත් Full Screen ON කරන්න OFF කරන්න පුළුවන්.. Games වලටත් මේක වැඩ කරනවා. ට්‍රයි කරල බලන්න

F12
සමහර සොෆ්ට්වල SAVE සහ SAVE AS සඳහා මේ F12 භාවිතා වෙනවා

ඕනම Software එකක, ඕනම Game එකකන් වැඩ පටන් ගන්න කලින්.. මේ F Keys ටික ට්‍රයි කරලා බලන්න. ඔයාට Short Cuts ගොඩක්, වැඩ පහසු කරගන්න ගොඩක් ක්‍රම හම්බවෙයි.  මේ අතරින් වැඩිපුරම පාවිච්චි කරන්නේ මොකක්ද? ඔයා දන්න දේවල් පහළින් කමෙන්ට් කරන්න.  තවත් වැඩ කෑලි තවත් ලිපියකින් ගේනවා

Responses

Please login to rate the post.