D. Dissanayaka
Member
2024 දී Steam එකෙන් free ගන්න පුළුවන් සුපිරිම games 5 ක්.
7th September 2024 in game, Software
2024 දී release කරපු steam එකෙන් totally free ගන්න පුළුවන් games පහක් ගැනයි අද කියන්නෙ. වර්තමානෙ ගොඩක් අය commonly පාවිච්චි කරන system requirements වලට මේ game ගැලපෙනවා.
The First Descendant
Ok,ඉස්සෙල්ලම තියෙනවා ජූලි මාසෙ hit වුන game එකක් The first descendants.Nexon games Co.Ltd එකෙන් තමා මේ game එක release ජූනි 30 වෙනිදා. මේක first person shooter game එකක්. ඒ වගේම මේක 3d game එකක්.Review වලින් නම් ගොඩක් අය කියල තියෙන්නෙ මේක warframe & Destiny 2 games වලට සමානයි කියල.Game එකේ story play time එක පැය 40 යි.
මේක කතාව පොඩ්ඩක් කිව්වොත් ingris කියල මහාද්වීපයකට vulgus කියල පිටසක්වල ආක්‍රමණයක් එනවා. මෙයාලගෙන් මිනිස්සුන්ව,මහාද්වීපය බේරගන්න Descendants ලව තමා player ට හසුරවන්න තියෙන්නෙ.
4-player co-op විදිහට online මේක play කරන්න පුළුවන්. ඒ වගේම Mod and prestige system එකක් තියෙනවා level හදන්න power වැඩි කර ගන්න වගේ දේවල් වලට.ලස්සන colours,actions,surround එකක් මේකෙ බලාගන්න පුළුවන්.
මේක හදල තියෙන්නෙ unreal engine 5 වලින් 8gb ram එකක් 50gb storage එකක් GTX 1050 ti එකක් එක්ක ඔයාලට මේක play කරන්න පුළුවන්.
Steam link එක:-https://store.steampowered.com/app/2074920/The_First_Descendant/
Once Human
මේක Third person open world multiplyer විදිහට සෙල්ලං කරන්න පුළුවන් survival game එකක්. Android,ios,winodw කියන platform තුනේම මේක තියෙනවා.ජූලි 9 තමා මේක release කරල තියෙන්නෙ starry studio. දැනට 76000 ක පිරිසක් මේකට positive විදිහට rate කරල තියෙනවා.
මේකත් පිටසක්වල කතාවක් තමා. Stardust කියල පිටසක්වලයින් වගයක් ජීවත් වෙන මනුෂ්‍යයන් විකෘති කරල තියෙන අනාගතයක ක්‍රීඩකයින්ට meta- human නම් role එක තමා භර වෙන්නෙ. විකෘති ජීවීන් සමග සටන් කරමින්, භාණ්ඩ එකතු කරමින්, බඩගින්න, සනීපාරක්ෂාව ගැන බලා ගනිමින් game story එක ඉස්සරහට යනවා.
8gb ram එකක් එක්ක 55gb storage එකක් එක්ක GTX 750ti එකක් එක්ක ඔයාටත් මේක play කරන්න පුළුවන්.
Steam link එක:-https://store.steampowered.com/app/2139460/Once_Human/
Enlisted
මේක පැය 18 විතර steam එකේ විකුණන්න දාල තිබ්බ game එකක්. තාක්ෂණික දෝෂ නිසා මේක අයින් කරල ඒව ආයෙ හදල නැවත මේක දාල තියෙනවා free. Ganijia Entertainment සමාගම විසින් තමා මේක publish කරල තියෙන්නෙ.
මේක first person shooter game එකක්. මේකේ story එකක් නම් යන්නෙ නෑ. දෙවන ලෝක යුද්දෙ යුද්ධ කරන්න තමා තියෙන්නෙ මේකෙ. 3d game එකක් මේක.
මේක play කරන්න 8gb ram එකක් 44gb storage එකක් GerForce 660 graphic card එකකින් පුළුවන්.
Steam link එක:-https://store.steampowered.com/app/2051620/Enlisted/
Metal slug: Awakening
Mini militia mobile game style game එකක් තමා මේ. Graphic අතින් ඉහළ මට්ටමක තියෙනවා.HAOPLY Limited විසින් තමා මේක publish කරන්නෙ.
මේකෙ ගළාගෙන story එකක් බලාගන්න නෑ.8gb ram,30gb storage,GTX 750 එක්ක ඔයාට මේක play කරන්න පුළුවන්.
Steam link එක:-https://store.steampowered.com/app/2963870/Metal_Slug_Awakening/
Summoners war
මේකනං ඔයාලනං අහල නැති වෙන්න විදිහක් නෑ. මේකේ mobile game එක ගොඩක් ප්‍රසිද්ධයි. Com2us එකෙන්ම තමා මේක steam එකට ජනවාරි 8 release කරන්නෙ.
4gb ram එකක්,10gb storage, GTX 460 එක්ක මේක ඔයාට Play කරන්න පුළුවන්.
Steam link එක:-https://store.steampowered.com/app/2426960/Summoners_War/
Ok,මේ තමා game පහ. සමහර ඒව ඔයා දැනටමත් phone එකෙන් play කරල ඇති.මෙතන තිබ්බ game එකක් හරි steam එකෙන් අරන් ඔයා play කරල තියෙනවද? ඔයාගෙ game experience එක කොහොමද කියල අදහස් බෙදා ගමු.
Black myth wukong game එකේ background story එක..
31st August 2024 in game, ReadMe

මේ වෙන කොට game world එකේ ගොඩක් දෙනෙක් කතා වෙන game එකක් තමා Black myth wukong කියන්නේ.Release කරල තුන්වෙනි දවස වෙන කොට මේකෙ copies 10M (මිලියන 10 ක්) විකිණිලා තියෙනවා. Release කරල පැය 24 ක් යන්න කලිං මේ game ඉතිහාසයේ වැඩිම පිරිසක් ක්‍රීඩා කල single player game එක වෙලා තියෙනවා.
මෙතනදි මං පැහැදිලි කරන්නෙ game එකේ background story එක සහ game එකත් ටිකක් explain කරන්න බලාපොරොත්තු වෙනවා.Background story එක තමා මම mainly forces කරන්නෙ.
Ok, ඔක්කොටම කලිං මූලික දේවල් ටික කියල ඉන්නං. මේ game එක release කරන්නෙ Tencent ප්‍රසිද්ධ සමාගමෙන් වෙන් වෙලා ගිය පිරිසක් විසින් ආරම්භ කරපු Game science කියන studio එක. මේ Game science ආරම්භ වෙන්නෙ 2014 දී Tencent වලින් අයින් වෙලා ගිය සේවකයන් හත් දෙනෙක්ගෙන්. මීට කලිං game science විසින් game දෙකක් release කරල තියෙනවා 100 Heroes සහ Art of war: Red Tieds කියල. මෙයාලගෙ major project එක වුනේ Black myth wukong game එක.මෙයාලට ඕන වෙලා තිබ්බෙ ඓතිහාසික සිදුවීමක් සම්බන්ධ කරල game එකක් develop කරන්න. ඒ නිසා මීට අවුරුදු හතරකට කලිං ඒ කියන්නෙ 2020 අගෝස්තු 20 unreal engine 4 එකෙන් Black myth wukong game එකේ පළමු පූර්ව ප්‍රචාරකපටය release කරනවා.ඒ සමාගමට සේවකයන් බදවා ගැනීමේ අරමුණත් එක්ක. Trailer එක නිසා job applications 10000 විතර ඇවිල්ලා තියෙනවා.දැනට සදහන් වෙන විදිහට මේ game එක develop කරන්න 40M විතර ගිහින් තියෙනව ලු.
දැං මේ game එක PS5,Window,Xbox series X/S වල බලාගන්න පුළුවන්. Single player,Action, Role playing, Souls- like game එකක් මේක. Souls-like කියන එක game එක ගැන කියද්දි explain කරන්නම්.
මේ game එකේ සාර්ථකත්වයට ගොඩක්ම බලපාල තියෙන්නෙ game එකේ characters සහ game story එක කියල තමා ගොඩක් අය කියන්නෙ. ඒ වගේම මේක china වලින් release කරපු පළවෙනි high quality,high budget ඒ කියන්නෙ පළවෙනි AAA game එක කියලත් කියනවා.දැං බලමු මේ game එකට සම්බන්ධ වුණ ඓතිහාසික සිද්ධි.
Xuanzang

මෙතන ඉදං මේ කියන සිද්ධි ඇත්තටම සිදුවුණ ඓතිහාසික සිදුවීම්. ක්‍රිස්තු වර්ෂ හත් වෙන සියවස කියන්නෙ චීනෙ බුදුදහම පරිහානියට පත් වෙලා තිබ්බ කාලයක්.ඒ වෙනකොට බුදුදහම ඉගෙන ගන්න හරියාකාර පොත් පත් තිබුනේ නෑ. 602 අප්‍රේල් හය වෙනිදා ඉපදුන Xuanzang කියන තරුණයා විසි වෙනි වියේදී පැවදි වෙනවා. බුදුදහම ඉගෙන ගැනීමට මෙයාට චීනය පුරා යන්න සිද්ද වෙනවා. මොකද බෞද්ධ පොත් පත් හොයාගෙන. Chang’an වලට එන මොහු බුදුදහම සහ බෞද්ධ පොත් පත් හොයාගෙන ඉන්දියාවට යාමට අධිෂ්ඨාන කරගන්නවා. මේ අනුව තමා මොහු ඉන්දියාවට එන්නෙ.මොහු ලංකාවට එන්නත් හදල තියෙනවා කියල කියනවා. කොහොම උනත් ඉන්දියාවේදී ශ්‍රී ලාංකික භික්ෂූන් හමුවුණා කියල සදහන් වෙනවා. මේ ගමන ගැන Xuanzang පොතක් ලියල තියෙනවා Records of the western regions කියල.
Journey to the west
Journey to the west කියන්නෙ මිං කියන රාජවංශයේදී Wu Cheng’en විසින් Records of the western regions ඇසුරෙන් ලියපු එක් පැත්තකින් ප්‍රබන්ධ නවකතාවක්. බොහෝ දේවල් වල එකතුවක් තමා මේ Journey to the West කියන්නෙ.චීන මිත්‍යා,චීන ජන ආගම්,බුද්දාගම,අමරණීයත්වය වගේ දේවල් මේ පොතේ කතාවට යොදාගෙන තියෙනවා. Xuanzang ගේ ඉන්දියානු ගමනට ආධාර පිණිස මේ පොතේ Sun Wukong, Zhu Bajie, Sha Wujing කියල මිත්‍යා ප්‍රබන්ධ චරිත දෙකක් බලාගන්න පුළුවන්.
Sun wukong

මේ Journey to the West කියන පොතෙන් තමා Monkey king විදිහට මෙයා එන්නෙ.Journey to the west අනුව මෙයා ඉපදිලා තියෙන්නෙ Mountains of Flowers and Fruit කියන කන්දේ මැජික් ගලකින්.
කන්දේ ඉන්න වානරයොත් එක්ක එකතුවෙන Wukong රැලේ නායකයා සදහා වන තරගයකින් රැලේ නායකය වෙනවා. රැලේ වානරයෙක් මිය යනව දකින Wukong ට මරණය පරාජ කරල අමරණීය වෙන්න ඕන වෙනවා. ඒ නිසා Wukong Puti Zushi කියන තාඕවාදී ගුරුවරයාගෙන් තාඕවාදී ශිල්ප ඉගෙන ගෙන අමරණීය වෙනවා.ආපහු කන්දට යද්දි කන්ද යක්ෂයෝ අල්ලන් තියෙනවා දකින wu එයලාව පරජය කරලා ආයෙත් රැලේ නායකය වෙනවා.ඊට පස්සෙ රැලේ අයට ආයුධ සොයා ගත්තත්. තමන්ට ගැළපෙන ආයුධයක් හොයාගෙන Au Guang ගේ නිධානයකින් Buyi Jingu Bang කියල ආයුධයක් හොයා ගන්නවා.ඒ වගේම dragon king න් wukong ට දම්වැල් කමිසයක් සහ ෆීනික්ස් තොප්පියක් හම්බෙනවා.
ඊට පස්සෙ ඇති වුණ සිදුවීම් සහ ස්වර්ගය විනාශ කිරීමට තැත් කිරීම හේතුවෙන් බුදුන් වහන්සේ විසින් Wukong ව ඔහුගේම කන්දේ සිරකරනවා. Journey to the west පොත අනුව ඊට වසර පන්සීයකට පසු Tang Sanzang (Xuanzang ) විසින් Wukong ව තමන්ගේ ගමනට සම්බන්ධ කරගන්නවා.

Game story

Game එකේ story එක යන්නෙ මෙතන ඉදං. Tang sanzang එක්ක චීනයේ බුදුදහම නැවත නගා සිටුවීමට උපකාරකළ නිසා Wu නිදහස් වෙනවා. ස්වර්ගීය උසාවියෙන් ලැබුණු ජීවිතය ඔහු ප්‍රතික්ෂේප කරල Wu එයා ජීවත් වුන කන්දට නැවත යනවා. ස්වර්ගීය උසාවිය ඔහු අකීකරු වීම ගැන කෝපයෙන් Erlang Shen නම් වතුර සහ භූතයන් දමනය කරන දෙවියන්ව යවනවා WU ව ස්වර්ගීය උසාවියට නැවත ගේන්න. දැවැන්ත සටනකින් පසු Wu ව ගලක බැදල මුද්‍රා තබනව වගේම wukong ගේ බලයන් ධාතු හයකට වෙන් කරල චීනය පුරා විසුරුවනවා. කන්දේ සිටින දෛවෝපගත තැනැත්කු එනම් Wukong ගේ බලයන් (ධාතු හය) එක් කිරීමට යන වානරයකු මේවා සොයා ගනිමින් game එකේ ඉදිරියට යනවා. මේ game එකට Ending දෙකක් තියෙනවා.

Soulslike
Soulslike game කියන්නෙ අදුරු පරිසරයක් එක්ක අමාරු game level තියෙන games. මේක games වල එක උප විශේෂයක්. මේ games වල fight හිතන තරං ලේසි නෑ. Player ගෙ character එක මැරුණොත් ආයෙ game එක පටන් checkpoint එකකින්. Soulslike games වල checkpoint එකක් විදිහට තියෙන්නෙ ගිනි මැළයක්. Black myth wukong වලත් ඒක අපිට බලාගන්න පුළුවන්.
ඒ වගේම Boss fight කියල special fight වගයක් බලාගන්න පුළුවන් soulslike games වල. Black myth wukong එකෙත් ඒ විදිහට boss fight බලාගන්න පුළුවන් කිසිම boss කෙනෙක් නොමරා මැරුනොත් ආයෙත් මුල checkpoint එකට ගිහිං පටන් ගන්න වෙනවා.
Ok, Black myth wukong game එකේ background story එකයි, mini game explain එකයි ඉවරයි. China වලින් release වුණ මේ පළවෙනි AAA game එක ගැන ඔයාගෙ අදහස මොකක්ද?
Pixel 9 serise එක සහ Made by google event එක ගැන ඔයා දැන ගන්න ඕන සියලුම දේ.
14th August 2024 in AI, Phone, ReadMe
Made by google event එක අපේ රටේ වේලාවෙන් 2024-08-13 වෙනිදා රෑ 10.30 ට පැවැත්වුනා. Apple devices වලට කැමති අය Apple Keynote event එක එනකං බලං ඉන්නව වගේම google Pixle Devices වලට කැමති අය බලන් ඉන්නෙ Made by google event එක එනකං. මේ event එකේදී release කරපු මේ devices කිහිපය ගැන මේ article එකෙන් සම්පූර්ණයෙන්ම දැන ගන්න පුළුවන්.

*Special Things (gemini,AI)
*Google Pixel 9
*Google Pixel 9 Pro
*Google Pixel 9 Pro XL
*Google Pixel 9 Fold
*Google pixel watch 3
*Google pixel buds pro 2
Special Things (Gemini AI)

මේ Event එකේදි හදුන්වා දුන් AI featurers ගැන ඉස්සෙල්ලා කතා කරානම් හොදයි කියල හිතුවා.
Gemini AI එකේ upgrade එක ගත්තහම gemini advance subscription එක තියන අයට Gemini live ලබා දෙනව කියල සදහන් කරා. Gemini live හරහා strong conversation එකක් build කරන්න පුළුවන්.ඒක google assistant ව replace කරනවා.
AI featurers එකක් විදිහට හදුන්වා දීපූ ADD ME කියන featurer එකෙන් දෙතැනක ඒ කියන්නෙ ඒවෙලාවෙ photo එකට හිටපු නැති කෙනෙක් වෙනම photo එකට add කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට group photo එකක් ගද්දි photo එක ගන්න කෙනා photo එකේ නෑනෙ
හැබැයි මේ AI featurer එකෙන් එයාවත් group photo එකට add කරගන්න පුළුවන් Naturel විදියටම.
Pixel screenshots මේක app එකක්. මේකෙ phone එකෙන් ගන්න screenshots store වෙනව වගේම AI එකෙන් ගත්ත එකක් ලේසියෙන් හොයා ගන්නත් පුළුවන්. දැනට pixel serise එක review කරපු අය නම් කිව්වෙ ඒක විකාරයක් වගේ කියල.
ඒ වගේම AI මගින් Photo එකක background වෙනස් කරන්න colour වෙනස් කරන්න enhance කරන්න අනවශ්‍ය ඒව cut කරන්න Magic editor එකේ update එකක් හදුන්වා දුන්නා.
ඒ වගේම AI මගින් බලගැන්වෙන call note එකක් සහ reimagine ලෙස හදුන්වන AI featurer එක මගින් photo එකක කොටසක් ඉවත් කරල ඒ වෙනුවට text එකක් මගින් ලබා දෙන command එකකින් එතන replace කිරීමෙ හැකියාව තියෙන AI featurer එකකුත් එළි දැක්වූවා.
Pixel 9 serise
Phones ගැන වෙන වෙනම කියන්න කලිං මේපාර release කරපු හැම pixel phone එකටම තියෙන hardware සහ featurers මුලිං කියල ඉන්නං.
Google pixel 9 serise එකේ chipset එක විදිහට පාවිච්චි වෙන්නෙ Google Tensor G4 කියන chipset එක.GPU එක විදිහට පාවිච්චි වෙන්නෙ Mali-G715 MC7.හැම phone එකකටම පාවිච්චි කරල තියෙන්නෙ aluminum frame එකක්.ඒ වගේම OS එක විදිහට පාවිච්චි latest ම Android 14 එක.හැම එකටම Gorilla Glass Vivtus 2 Display protection එක බලාගන්න පුළුවන්. Headphone jack සහ SD එන්නෑ වෙනද වගේම. Type-c port එකක් බලාගන්න පුළුවන්. Bluetooth 5.3 support කරනවා. මේහැම phone එකක්ම water and dust resistance.හැබැයි.Pixel 9 pro Fold එකට dust resistance පහසුකම එන්නෑ.සාමාන්‍යය phone එකක බලාගන්න පුළුවන් වෙන Fingerprint (under display,ultrasonic), accelerometer, gyro, proximity, compass, barometer එක බලාගන්න පුළුවන්.
Google pixel 9

Ok,Phone එකේ Body එකෙන් පටන් ගත්තොත් මේකෙ දිග 152.8mm පළල 72mm උස 8.5mm. බර සදහන් වෙන්නෙ 198g විදිහට.Google pixel 8 එකත් එක්ක සසදල බලද්දි දිග සහ පලල කුඩා ප්‍රමානයක් වැඩී උස අඩුයි.Display size එක 6.3 inches. Resolution එක pixel 1080×2424. OLED, 120Hz refresh rate එකක් තියෙන display එකක් තමා පාවිච්චි වෙන්නෙ.CPU එකේ Core 9 තියෙනවා.Pixel pro fold එක හැර අනිත් තුනම pixel 8 එකේ deign එක බලාගන්න පුළුවන්. Camera dump එක center එකේ තියෙනවා වගේම ඒකේ edges rounded සහ dump එක සැලකිය යුතු ප්‍රමානයක් ඉස්සිලා තියෙනවා බලාගන්න පුළුවන්.
Battery එක ගත්තහම Li-ion 4700mAh battery එකක් තමා තියෙන්නෙ. Wired මගින් 27W න්ද Wireless විදිහට 15W න්ද charge කිරීමේ හැකියාව තියෙනවා.
Camera ගත්තහම pixel 9 එකේ පිටුපස camera දෙකක් බලා ගන්න පුළුවන්. 50MP wide cam එකක් සහ 48MP Ultrawide cam එකක් විදිහට. 4k වලින් 24/30/60fps ත් 1080p වලින් 24/30/60/120/240fps දක්වාත් video කිරීමේ හැකියාව තියෙනවා. Selfie cam එක 10.5MP විදිහට බලාගන්න පුළුවන්.Selfie cam එක හරහා 4K වලින් 30/60fps ත් 1080p වලින් 30/60fps දක්වාත් video කිරීමේ හැකියාව තියෙනවා.Curved display එකක් තියෙන්නෙ මේකට 2700 nits වගේ හොද එලියක් බලාගන්න පුළුවන් මේකේ. අනිත් phone තුනේ පමණක් 3000 nits උපරිම brightness එකක් දැක ගන්න පුළුවන්.
මේ device එක පාට හතරකින් බලාගන්න පුළුවන් Obsidian, Porcelain, Wintergreen, Peony. Ram එක 12gb විදිහටත් storage 128gb සහ 256gb වලින් බලාගන්න පුළුවන්. මේකෙ මිල සදහන් වෙන්නෙ 799$ විදිහටයි. මේක August 22 බෙදා හැරීමට නියමිතයි.
Google pixel 9 pro

pixel 9 එකේ වගේම මේකෙත් Body size එක Display size එක සමානයි. හැබැයි display එක විදිහට පාවිච්චි වෙන්නෙ LTPO OLED, 120Hz refresh rate එකක් තියෙන display එකක්. Display එකේ resolution එක 1280×2856 pixel. Battery එකේ featurers pixel 9 එකෙ වගේමයි. හැබැයි wireless විදිහට 21W හරහා charge කිරීමේ හැකියාව තියෙනවා.ඒ වගේම මේකෙ ශරීරයේ උෂ්ණත්වය බලා ගන්න thermometer එකක් බලාගන්න පුළුවන්.
Camera ගත්තහම පිටුපස camera තුනක් බලා ගන්න පුළුවන්. 50MP wide cam එක 48MP telephoto cam එක සහ 48MP Ultrawide cam එක විදිහට. මේ හරහා 8K වලින් 30fps දක්වාත් 4K වලින් 24/30/60fps දක්වාත් 1080p වලින් 24/30/60/120/240fps දක්වාත් video කිරීමේ හැකියාව තියෙනවා.
Selfie cam එක 42MP යි. ඒ හරහා 4K වලින් 30/60fps දක්වාත් 1080p වලින් 30/60fps දක්වාත් video කිරීමේ හැකියාව තියෙනවා.
මේකෙත් පාට හතරක් බලා ගන්න පුළුවන්.Porcelain, Rose Quartz, Hazel, Obsidian කියල. 16gb ram එකෙන් storage විදිහට 128gb,256gb,512gb,1tb බලාගන්න පුළුවන්. මේකේ මිල සදහන් වෙන්නෙ 999$ විදිහටයි. මේක september 9 ලොව පුරා බෙදා හැරීමට නියමිතයි.
Google pixel 9 pro XL

මේකෙ වෙනසකට තියෙන්නෙ Display size එක සහ battery capacity එක. Display එක 162.8 ක් දිගයි 76.6 පළලයි 8.5 mm උසයි.Display resolution එක 1344×2992 pixel. 221g බරයි. Display එක Ram එක storage එක main camera setup එක selfie camera එක pixel 9 pro එක හා සමානයි.
Battery එක ගත්තහම battery එක Li-ion 5060mAh battery එකක්. Wired විදිහට 37W නුත් Wireless 23W නුත් charge කිරීමේ හැකියාව තියෙනවා.Specially මේකෙත් thermometer එකක් දැකගන්න පුළුවන්.
මේකෙත් බලාගන්න පුළුවන් වෙන්නෙ Porcelain, Rose Quartz, Hazel, Obsidian කියන colour හතර.මේකෙ මිල 1099$. August 22 ලොව පුරා බෙදා හැරීමට නියමිතයි.
Google pixel 9 pro Fold

ගොඩක් අය අවදානයෙන් බලන් හිටපු Phone එක. මේකෙ Display එක දිගෑරපුවාම දිග 155.2mm පළල 150.2mm උස 5.1mm. මේක නවල දිග 155.2mm පළල 77.1mm උස 10.5mm. Display resolution එක 2076×2156 pixel. Foldable LTPO OLED 120Hz refresh rate තියෙන Display එකක් තමා මේකෙ බලාගන්න පුළුවන් වෙන්නෙ.
මේකෙ cameras ටික වම් පැත්තට බර වෙලා තියෙන්නෙ. ඒ නිසා Unique design එකක් බලාගන්න පුළුවන්.48MP wide cam එකකුත් 10.8MP telephoto cam එකකුත් 10.5MP ultrawide cam එකකුත් බලාගන්න පුළුවන්. ඒ හරහා 4K වලින් 24/30/60fps දක්වාත් 1080 වලින් 24/30/60/120/240fps දක්වාත් video කිරීමේ හැකියාව තියෙනවා.
Battery එක 4650mAh battery එකක්. Wird සහ wireless විදිහට charge කිරීමේ හැකියාව තියෙනවා.
16gb ram එකෙන් storage විදිහට 256gb සහ 512gb බලාගන්න පුළුවන්. Obsidian, Porcelain පාට දෙකෙන් phone එක ලබා ගන්න පුළුවන්.මේකෙ මිල සදහන් වෙන්නෙ 1,799$ විදිහට.
Google pixel earbuds pro 2

මේ පාරත් pixel phone වල headphone jack බලාගන්න පුළුවන් වුනේ නෑ. ඒ වෙනුවෙන් එයාල ඒ හා සමාන්තරව earbuds release කරනවා.
“Hey google let’s talk live”
මේකෙන් phone එක unlock නොකරම buds දෙක මගින් command දෙමින් song,remembers,map වැනි පහසුකම් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව clear calling පහසුකමද මේ හරහා ලබා ගන්න පුළුවන්.
ANS සමග පැය අටකුත් case එක සමග පැය 30 කුත් buds දෙක භාවිතා කරන්න පුළුවන්. Tensor A1 chip එකත් google AI එකත් නිසා pixel earbuds pro වලට වඩා දෙගුණයක් බලවත් බව ඔවුන් පවසනවා. ඒ වගේම මේක earbuds pro වලට වඩා 24% සැහැල්ලුයි වගේම 27% කුඩයි.මේක 299$ වෙනවා ඒ වගේම මේක september 26 ලොව පුරා බෙදා හැරීමට නියමිතයි.
Google pixel watch 3

pixel phone එක්ක pixel watch ත් නිකුත් කරනවා.මේපාර ජීවිතාරක්ෂාව පවා සලකල මේ watch එක හදල තියෙනවා
යම් අවස්ථාවකදී watch එක පැලදගෙන ඉන්න වෙලාවක හෘද ස්පන්දනය නැවතුනොත් watch එක ඒ බව detecte කරගෙන හදිසි ඇමතුම් සේවයට call කරනවා සහ location එක share කරනවා.
Fibit හා google featurers එක්ක තමා මේ watch එක වැඩ කරන්නෙ. මේකෙ size එක අනුව වර්ග දෙකක් release කළා.ඒ තිරයේ විශ්කම්භය 41mm සහ 45mm ලෙසයි.1Hz ඉදන් 60Hz වෙනකං refresh rate එකක් තියෙනවා. Actua display එකක් එක්ක wear os 5 මගින් මේක බලගැන්වෙනවා.
Pixel watch 3 එකට Daily Readiness, Cardio Load සහ Target load ලෙස app තුනක් හදුන්වා දීල තියෙනවා. ඒ ව්‍යායාම් නිරීක්ෂණයට, ඒ මගින් කළ යුතු ව්‍යායම් පෙන්වීමටයි.
ඒ වගෙම watch එක තුළින් samrt home devices පාලනය කිරීමටත් හැකියාව ලැබෙනවා.පැය 36 ක battery life එකක් මේකෙ බලාගන්න පුළුවන්. Pixel watch 41mm wi-fi/bluetooth සමග 349$ ත් LTE සමග 449$ ත් Pixel watch 45mm එක wi-fi/bluetooth සමග 399$ ත් LTE සමග 499$ ත් ලබා ගන්න පුළුවන්.මෙය September 10 ලොව පුරා බෙදා හැරීමට නියමිතයි.
google සමාගම cromecast devices හදන එක නතර කරනවා කියල කිව්ව වගේම ඒ වෙනුවට දවස් කිහිපයකට කලිං google stream 4k devices එක හදුන්වා දුන්නා. මේක youtube, apple tv, google tv වලට සම්බන්ධ වෙන්න පුළුවන්. Voice control පහසුකම තියෙනවා.

Conclusion
අවසාන වශයෙන් මේ හැම devices එකකටම unique design එකක් තියෙනවා කියල ඔයාලටම තේරෙන්න ඇති.අලුත් AI featurers එකක් මේ devices තව powerful වෙනවා.Ok,Made by google event එළිදක්වපුව ගැන දැනට දන්න විස්තර ඔක්කොම කිව්ව කියල හිතනවා. ඊළග පාර Apple lovers ලට Apple keynote එකේ විස්තර අරගෙන එන්නම්.
ඔයාගෙ Android phone එක slow ද? එහෙනම් මේ article එක ඔයාට.
14th August 2024 in Phone, ReadMe, Tips
ඔයා අලුතින් Android phone එකක් ගත්තහම කාලයත් එක්ක සහ කරන සමහර වැඩ නිසා phone එක slow වෙනව සැරින් සැරේ stuck වෙනවා. Android phone පරණ වෙනවත් එක්කම ඒවට අලුත් Android OS එක release කරන්නෑ. එහෙම කාලයද්දී update එන්නැති නිසාම phone එක slow වෙනවා. ඒකට user ට කරන්න දෙයක් නෑ. ඒ වෙලාවෙ අලුත් phone එකකට update වෙන්නම වෙනවා.
පාවිච්චියත් එක්කම slow වෙන Android phone වලට පොඩි පිළියම් කීපයක් යොදන්න පුළුවන්. මම කියන්නෙ play store එකෙන් memory cleanup app එකක් install කරගන්න එක නෙවේ.
Phone එක slow වෙන්න එක හේතුවක් තමා update එන්නැති apps.අපේ වුවමනාවට download කරගන්න සමහර apps කාලයක් යද්දි අලුත් update එවන් නැතුව ඉන්නව. ඒ වගේ app install කරගෙන තියෙන එක phone එක slow වෙන්න හේතු වෙනවා. ඒව අයින් කරන එක සහ තමන්ට අත්‍යාවශ්‍ය නොවන apps uninstall කරන එක එක පිළියමක්.

Apps ගැන කතා කරද්දි lite apps ගැන කතා කරන්නම ඕන. ඔයාගෙ phone එක hardware පැත්තෙන් පහළ level එකක නම් තියෙන්නෙ ඔයාට පුළුවන් ඔයා පාවිච්චි කරන apps වල lite apps පාවිච්චි කරන්න පුළුවන්.ඒක ඔයාගෙ phone එකට සහ ඔයාට පහසුවක් වෙන්න ඉඩ තියෙනවා.
අනිත් එක තමා storage එක පිරිලා තිබීම. Phone එකේ sectors වලින් data load වෙන්න කාලයක් ගන්නව මේ නිසා. Storage එක පිරෙන්නෙ apps වල cache එකතු වෙලා. ඒව අයින් කරල දාන එකත් phone එක slow නොවී තියා ගන්න එක පිළියමක්. ඒ වගේම තමන්ට අත්‍යාවශ්‍ය නොවන files,image,video delete කරල දාන්න පුළුවන්.

Storage ගැන කතා කරද්දි අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමා තමන් පාවිච්චි කරන SD card එක phone එකේ speed එකට match වෙන්නැති එක. Speed අඩු SD card එකක් පාවිච්චි කරනව නම් SD card එකට apps move නොකර ඉන්න එක තමා හොදම දේ. මොකද slow SD card එකෙන් apps load වෙන්න වෙලාවක් යනවා. තමන්ට අවශ්‍ය files, video තියාගාන්න ඒ SD card එක තියාගන්න එක හොදයි apps තියා ගන්නැතුව. පුළුවන් නම් හොදම දේ phone එකට match වෙන SD card එකක් ගන්න එක.
තවත් එකක් තමා phone එක රත් වෙන එක. රත් වෙන එකට නම් ගොඩක් හේතු බලපානව. User ගෙ වගේම manufacture ගේ. Phone එක අව්ව තියෙන සහ රස්නෙ තියෙන තැන්වල පාවිච්චි කරනව නම් cooler එකක් පාවිච්චි කරන්න. ඒකත් ගොඩක් දුරට සාර්ථක නොවෙන්න ඉඩ තියෙනවා. Phone එකෙන් ගොඩක් වෙල වැඩකරන එකත් රත් වෙන්න එක හේතුවක්. ඒ වෙලාවෙදි cooler එකක් පාවිච්චි කරන එක හරියන්න ඉඩ තියෙනවා. සමහර අය කියනව මම දැකල තියෙනව තෙත රෙදි කෑල්ලකින් phone එක cover කරානම් හරියනවනෙ කියල. එහෙම කරන එක phone එකට damage වෙන්න ඉඩ තියෙනවා. තමන්ගෙ android phone එක Waterproof නැත්තං වතුර බින්දුවක් ගියත් phone එකට damage වෙන්න ඉඩ තියෙනවා.
රත් වෙනවත් එක්ක slow වෙනව වගේම තව වෙන දෙයක් තමා battery එක සැලකිය යුතු ලෙස බහින එක. එහෙම වෙද්දි කාලයත් එක්කම battery replacement එකක් කරන්න වෙනවා.
මම දැන් මේ කියන ඒව slow නොවුනත් ඔයාගෙ Android phone එකට කරන එකෙන් battery එක වගේම memory එක තියාගන්න උදව් වෙනවා.
Phone එකේ වෙන animation නවත්තන එකෙන් සහ background process නවත්තන එකෙන් phone එක speed කරගන්න පුළුවන්. ඇත්තටම මෙතනදි නම් වෙන්නෙ phone එකේ animation නවතින නිසා phone speed වගේ පේන එක.
මේක කරන්න ඔයා ඉස්සෙල්ලම ඔයා developer option enable කරගන්න ඕන. ඒකට setting>>>about phone>>>software>>>Build number කියන එක උඩ හත් පාරක් tap කරන්න. ඊට පස්සෙ ඔයාලට Developer option enable වෙලා තියෙනවා බලාගන්න පුළුවන්.

ඊටපස්සෙ Developer option වල පල්ලෙහාට ගිහිල්ලා Window animation scale,Transition animation scale,Animator duration scale,Background process limit කියන හතර image එකේ තියෙන විදිහට වෙනස් කරගන්න.මේකෙන් phone එකේ smooth animation නම් නවතිනවා.හැබැයි ඒක battery එකට වගේම memory එකට හොද විදිහට බලපානවා.කැමැත්ත අනුව මේ setting වෙනස් කරගන්න පුළුවන්. (සැ.යු:- මේක නිසා ඉතා සුලු apps ප්‍රමාණයක් වැඩ නොකරන්න ඉඩ තියෙනවා. දැනට අහු වුන එකම app එක තමා My Dialog app එක.)

වඩා හොද ප්‍රතිපලක් ගන්න ඕන නම් important data වල backup එකක් අරගෙන factory reset කරන එක හොදයි. ඊට පස්සෙ උඩ තියෙන setting හදාහන්න එකෙන් හොද ප්‍රතිපලයක් ගන්න පුළුවන්. ඒවගේම nova කියන lancher එක recommend කරන්න පුළුවන්. මේක memory cleanup app එකක් නෙවේ. Memory cleanup app එකකින් කරන්නෙ පහල මට්ටමේ තාවකාලික cleanup කිරීමක්. Nova lancher එකෙන් කරන්නෙ හාත් පසින්ම වෙනස් දෙයක්. ඒක ඔයාලම try කරල බලයි කියල හිතනවා.
හරි, කලිං කියපුව සහ මේ setting එක්ක phone එක හිර වෙන එක slow වෙන එක සැලකිය හැකි ලෙස අඩු කරගන්න පුළුවන්. ඒ වගේම location,Auto sync වගේ ඒව off කරල තියාගන්න එක phone එකේ battery එකට හොද විදියට බලපානවා. ඒ වගේම sync වෙද්දි internet connection එක අනුව slow වෙන්න ඉඩ තියෙනවා. Ok,මේ දේවල් ඔයාගෙ phone එක slow නොවී තියාගන්න උදව් වුනා කියල හිතනවා.
Google Chrome එකේ වැඩ ලේසි කරගන්න tips.
13th August 2024 in ReadMe, Tips
Google crome කියන්නෙ browser වෙළද පොළෙන් 65% පමණ අයිති browser එකක්. 2008 දී apple webkit, firefox වගේ free software එක්ක හදපු crome එක microsoft window වලට ඉස්ඉස්සෙල්ලාම release කරනවා.Crome එක මේච්චර උඩක රැදිල ඉන්න හේතු ගොඩක් තියෙනවා.Crome එකේ තියෙන feathers, ඒකෙ fast එක වගේ ගොඩක් දේවල් බලපාල තියෙනවා.
Crome එකේ ඔයාලට උදව් වෙන සහ ඔයාල බොහෝ විට පාවිච්චි කරන් නැති feathers ටිකක් බලමු.
ඔක්කෝටම කලිං කියන්න දෙයක් තියෙනවා. සමහර අය හිතනවා crome එක ram එක ගොඩක් use කරනව කියල. ඒක ගැන ඔයාලටම idea එකක් මේ photo එකෙන් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා. ( Chrome, Edge දෙකේම open කරල තියෙන්න Capcut and youtube.)
1.Crome Task bar
Windows වල නම් ctrl+shift+Esc combination එකෙන් task bar එක open කර ගන්න පුළුවන්. Crome එකේ shift+Esc combination එකෙන් crome task bar එක open කර ගන්න පුළුවන්.
මේකෙදි open කරන් ඉන්න site එකෙන් site එක්ට CPU usage එක, Network usage එක, Memory usage එක බලාගන්න පුළුවන්. වැඩියෙන් memory එක use කරන sites අදුර ගන්නත් පුළුවන්.
2.Search with google lens
Google lens එකෙන් image එක්ක details ගන්න පුළුවන් කියන්න දන්නවනෙ. ඒවගේ pc එකේ crome එකේ දකින image එක්ක විස්තර දැන ගන්න ඕන නම් මේ feather එක use කරන්න පුළුවන්.

Image එකේ තියෙන sign එක උඩ click කරල details ඕන image එක select කරපුවාම ඒකේ බලාගන්න පුළුවන් මේ විදියට.

3.Calculater
Image එකේ තියෙන විදිහට සරල සමීකරණයක් Crome search bar එකේ type කරල eneter කරපුවාම ඔය විදිහට තමා බලාගන්න පුළුවන් වුනේ.

සාමන්‍ය මේවගෙ ගැටලුවක් ලබා දුන්නම ඒකට අදාල පිලිතුරු crome එක හරහා ලේසියෙන් ලබා ගන්න පුළුවන්.
4.Shortcuts
Mouse එකට වඩා keyboard shortcut පාවිච්චි කරන එක ලේසි. Crome එක පාවිච්චි කරද්දි ඔයා දැන ගන්නම ඕන shortcut ටිකක් තමා මේ.
Ctrl+1-9 = මේකෙන් tabs අතර මාරු වෙන්න පුළුවන්. ඒ tabs 1-9 වෙන්කම් නම් කරල තියෙනවා.
Ctrl + Tab = මේ shortcut key වලින් එකින් එකට tabs වලට මාරු වෙන්න පුළුවන්.
Ctrl+Shift+N = New Incognito window එකක් open කරගන්න පුළුවන්.
Ctrl+Shift+T = වැරදීමකින් tab එකක් හරි මුළු crome app එකම close වුනොත් මේ shortcut එකෙන් ඒව ආයෙ reopen කරගන්න පුළුවන්.
Ctrl+Shift+Delete = කෙලින්ම redirect වෙන්නෙ crome browsing history delete වෙන තැනට. එතනිං එකවර තාවකාලිකව history එක delete කරන්න පුළුවන්.
Ctrl +L = එකවර Omnibox වෙත යන්න පුළුවන්.
Ctrl+N = මේකෙන් new tab එකක් ගන්නත Ctrl+W = දැනට ඉන්න tab එක close කරන්නත් පුළුවන්.
5.search labs
feather එකක් විදිහට search labs එකෙන් experimental level එකේ තියෙන feathers අත්හදා බලන්න පුළුවන්.ඔයාටත්AI experiment, Games අත්හදා බලන්න පුළුවන් මේ search labs එකෙන්.

You must be logged in to post a comment.