Pixel 9 serise එක සහ Made by google event එක ගැන ඔයා දැන ගන්න ඕන සියලුම දේ.

Made by google event එක අපේ රටේ වේලාවෙන් 2024-08-13 වෙනිදා රෑ 10.30 ට පැවැත්වුනා. Apple devices වලට කැමති අය Apple Keynote event එක එනකං බලං ඉන්නව වගේම google Pixle Devices වලට කැමති අය බලන් ඉන්නෙ Made by google event එක එනකං. මේ event එකේදී release කරපු මේ devices කිහිපය ගැන මේ article එකෙන් සම්පූර්ණයෙන්ම දැන ගන්න පුළුවන්.

Pixel 9 serise

*Special Things (gemini,AI)
*Google Pixel 9
*Google Pixel 9 Pro
*Google Pixel 9 Pro XL
*Google Pixel 9 Fold
*Google pixel watch 3
*Google pixel buds pro 2

Special Things (Gemini AI)

මේ Event එකේදි හදුන්වා දුන් AI featurers ගැන ඉස්සෙල්ලා කතා කරානම් හොදයි කියල හිතුවා.

Gemini AI එකේ upgrade එක ගත්තහම gemini advance subscription එක තියන අයට Gemini live ලබා දෙනව කියල සදහන් කරා. Gemini live හරහා strong conversation එකක් build කරන්න පුළුවන්.ඒක google assistant ව replace කරනවා.

AI featurers එකක් විදිහට හදුන්වා දීපූ ADD ME කියන featurer එකෙන් දෙතැනක ඒ කියන්නෙ ඒවෙලාවෙ photo එකට හිටපු නැති කෙනෙක් වෙනම photo එකට add කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට group photo එකක් ගද්දි photo එක ගන්න කෙනා photo එකේ නෑනෙ
හැබැයි මේ AI featurer එකෙන් එයාවත් group photo එකට add කරගන්න පුළුවන් Naturel විදියටම.

Pixel screenshots මේක app එකක්. මේකෙ phone එකෙන් ගන්න screenshots store වෙනව වගේම AI එකෙන් ගත්ත එකක් ලේසියෙන් හොයා ගන්නත් පුළුවන්. දැනට pixel serise එක review කරපු අය නම් කිව්වෙ ඒක විකාරයක් වගේ කියල.

ඒ වගේම AI මගින් Photo එකක background වෙනස් කරන්න colour වෙනස් කරන්න enhance කරන්න අනවශ්‍ය ඒව cut කරන්න Magic editor එකේ update එකක් හදුන්වා දුන්නා.

ඒ වගේම AI මගින් බලගැන්වෙන call note එකක් සහ reimagine ලෙස හදුන්වන AI featurer එක මගින් photo එකක කොටසක් ඉවත් කරල ඒ වෙනුවට text එකක් මගින් ලබා දෙන command එකකින් එතන replace කිරීමෙ හැකියාව තියෙන AI featurer එකකුත් එළි දැක්වූවා.

Pixel 9 serise

Phones ගැන වෙන වෙනම කියන්න කලිං මේපාර release කරපු හැම pixel phone එකටම තියෙන hardware සහ featurers මුලිං කියල ඉන්නං.

Google pixel 9 serise එකේ chipset එක විදිහට පාවිච්චි වෙන්නෙ Google Tensor G4 කියන chipset එක.GPU එක විදිහට පාවිච්චි වෙන්නෙ Mali-G715 MC7.හැම phone එකකටම පාවිච්චි කරල තියෙන්නෙ aluminum frame එකක්.ඒ වගේම OS එක විදිහට පාවිච්චි latest ම Android 14 එක.හැම එකටම Gorilla Glass Vivtus 2 Display protection එක බලාගන්න පුළුවන්. Headphone jack සහ SD එන්නෑ වෙනද වගේම. Type-c port එකක් බලාගන්න පුළුවන්. Bluetooth 5.3 support කරනවා. මේහැම phone එකක්ම water and dust resistance.හැබැයි.Pixel 9 pro Fold එකට dust resistance පහසුකම එන්නෑ.සාමාන්‍යය phone එකක බලාගන්න පුළුවන් වෙන Fingerprint (under display,ultrasonic), accelerometer, gyro, proximity, compass, barometer එක බලාගන්න පුළුවන්.

Google pixel 9

Pixel 9

Ok,Phone එකේ Body එකෙන් පටන් ගත්තොත් මේකෙ දිග 152.8mm පළල 72mm උස 8.5mm. බර සදහන් වෙන්නෙ 198g විදිහට.Google pixel 8 එකත් එක්ක සසදල බලද්දි දිග සහ පලල කුඩා ප්‍රමානයක් වැඩී උස අඩුයි.Display size එක 6.3 inches. Resolution එක pixel 1080×2424. OLED, 120Hz refresh rate එකක් තියෙන display එකක් තමා පාවිච්චි වෙන්නෙ.CPU එකේ Core 9 තියෙනවා.Pixel pro fold එක හැර අනිත් තුනම pixel 8 එකේ deign එක බලාගන්න පුළුවන්. Camera dump එක center එකේ තියෙනවා වගේම ඒකේ edges rounded සහ dump එක සැලකිය යුතු ප්‍රමානයක් ඉස්සිලා තියෙනවා බලාගන්න පුළුවන්.

Battery එක ගත්තහම Li-ion 4700mAh battery එකක් තමා තියෙන්නෙ. Wired මගින් 27W න්ද Wireless විදිහට 15W න්ද charge කිරීමේ හැකියාව තියෙනවා.

Camera ගත්තහම pixel 9 එකේ පිටුපස camera දෙකක් බලා ගන්න පුළුවන්. 50MP wide cam එකක් සහ 48MP Ultrawide cam එකක් විදිහට. 4k වලින් 24/30/60fps ත් 1080p වලින් 24/30/60/120/240fps දක්වාත් video කිරීමේ හැකියාව තියෙනවා. Selfie cam එක 10.5MP විදිහට බලාගන්න පුළුවන්.Selfie cam එක හරහා 4K වලින් 30/60fps ත් 1080p වලින් 30/60fps දක්වාත් video කිරීමේ හැකියාව තියෙනවා.Curved display එකක් තියෙන්නෙ මේකට 2700 nits වගේ හොද එලියක් බලාගන්න පුළුවන් මේකේ. අනිත් phone තුනේ පමණක් 3000 nits උපරිම brightness එකක් දැක ගන්න පුළුවන්.

මේ device එක පාට හතරකින් බලාගන්න පුළුවන් Obsidian, Porcelain, Wintergreen, Peony. Ram එක 12gb විදිහටත් storage 128gb සහ 256gb වලින් බලාගන්න පුළුවන්. මේකෙ මිල සදහන් වෙන්නෙ 799$ විදිහටයි. මේක August 22 බෙදා හැරීමට නියමිතයි.

Google pixel 9 pro

pixel 9 එකේ වගේම මේකෙත් Body size එක Display size එක සමානයි. හැබැයි display එක විදිහට පාවිච්චි වෙන්නෙ LTPO OLED, 120Hz refresh rate එකක් තියෙන display එකක්. Display එකේ resolution එක 1280×2856 pixel. Battery එකේ featurers pixel 9 එකෙ වගේමයි. හැබැයි wireless විදිහට 21W හරහා charge කිරීමේ හැකියාව තියෙනවා.ඒ වගේම මේකෙ ශරීරයේ උෂ්ණත්වය බලා ගන්න thermometer එකක් බලාගන්න පුළුවන්.

Camera ගත්තහම පිටුපස camera තුනක් බලා ගන්න පුළුවන්. 50MP wide cam එක 48MP telephoto cam එක සහ 48MP Ultrawide cam එක විදිහට. මේ හරහා 8K වලින් 30fps දක්වාත් 4K වලින් 24/30/60fps දක්වාත් 1080p වලින් 24/30/60/120/240fps දක්වාත් video කිරීමේ හැකියාව තියෙනවා.
Selfie cam එක 42MP යි. ඒ හරහා 4K වලින් 30/60fps දක්වාත් 1080p වලින් 30/60fps දක්වාත් video කිරීමේ හැකියාව තියෙනවා.

මේකෙත් පාට හතරක් බලා ගන්න පුළුවන්.Porcelain, Rose Quartz, Hazel, Obsidian කියල. 16gb ram එකෙන් storage විදිහට 128gb,256gb,512gb,1tb බලාගන්න පුළුවන්. මේකේ මිල සදහන් වෙන්නෙ 999$ විදිහටයි. මේක september 9 ලොව පුරා බෙදා හැරීමට නියමිතයි.

Google pixel 9 pro XL

Pixel pro & pro xl

මේකෙ වෙනසකට තියෙන්නෙ Display size එක සහ battery capacity එක. Display එක 162.8 ක් දිගයි 76.6 පළලයි 8.5 mm උසයි.Display resolution එක 1344×2992 pixel. 221g බරයි. Display එක Ram එක storage එක main camera setup එක selfie camera එක pixel 9 pro එක හා සමානයි.

Battery එක ගත්තහම battery එක Li-ion 5060mAh battery එකක්. Wired විදිහට 37W නුත් Wireless 23W නුත් charge කිරීමේ හැකියාව තියෙනවා.Specially මේකෙත් thermometer එකක් දැකගන්න පුළුවන්.

මේකෙත් බලාගන්න පුළුවන් වෙන්නෙ Porcelain, Rose Quartz, Hazel, Obsidian කියන colour හතර.මේකෙ මිල 1099$. August 22 ලොව පුරා බෙදා හැරීමට නියමිතයි.

Google pixel 9 pro Fold

Pixel 9 pro fold

ගොඩක් අය අවදානයෙන් බලන් හිටපු Phone එක. මේකෙ Display එක දිගෑරපුවාම දිග 155.2mm පළල 150.2mm උස 5.1mm. මේක නවල දිග 155.2mm පළල 77.1mm උස 10.5mm. Display resolution එක 2076×2156 pixel. Foldable LTPO OLED 120Hz refresh rate තියෙන Display එකක් තමා මේකෙ බලාගන්න පුළුවන් වෙන්නෙ.

මේකෙ cameras ටික වම් පැත්තට බර වෙලා තියෙන්නෙ. ඒ නිසා Unique design එකක් බලාගන්න පුළුවන්.48MP wide cam එකකුත් 10.8MP telephoto cam එකකුත් 10.5MP ultrawide cam එකකුත් බලාගන්න පුළුවන්. ඒ හරහා 4K වලින් 24/30/60fps දක්වාත් 1080 වලින් 24/30/60/120/240fps දක්වාත් video කිරීමේ හැකියාව තියෙනවා.

Battery එක 4650mAh battery එකක්. Wird සහ wireless විදිහට charge කිරීමේ හැකියාව තියෙනවා.

16gb ram එකෙන් storage විදිහට 256gb සහ 512gb බලාගන්න පුළුවන්. Obsidian, Porcelain පාට දෙකෙන් phone එක ලබා ගන්න පුළුවන්.මේකෙ මිල සදහන් වෙන්නෙ 1,799$ විදිහට.

Google pixel earbuds pro 2

මේ පාරත් pixel phone වල headphone jack බලාගන්න පුළුවන් වුනේ නෑ. ඒ වෙනුවෙන් එයාල ඒ හා සමාන්තරව earbuds release කරනවා.

“Hey google let’s talk live”

මේකෙන් phone එක unlock නොකරම buds දෙක මගින් command දෙමින් song,remembers,map වැනි පහසුකම් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව clear calling පහසුකමද මේ හරහා ලබා ගන්න පුළුවන්.

ANS සමග පැය අටකුත් case එක සමග පැය 30 කුත් buds දෙක භාවිතා කරන්න පුළුවන්. Tensor A1 chip එකත් google AI එකත් නිසා pixel earbuds pro වලට වඩා දෙගුණයක් බලවත් බව ඔවුන් පවසනවා. ඒ වගේම මේක earbuds pro වලට වඩා 24% සැහැල්ලුයි වගේම 27% කුඩයි.මේක 299$ වෙනවා ඒ වගේම මේක september 26 ලොව පුරා බෙදා හැරීමට නියමිතයි.

Google pixel watch 3

pixel watch 3

pixel phone එක්ක pixel watch ත් නිකුත් කරනවා.මේපාර ජීවිතාරක්ෂාව පවා සලකල මේ watch එක හදල තියෙනවා
යම් අවස්ථාවකදී watch එක පැලදගෙන ඉන්න වෙලාවක හෘද ස්පන්දනය නැවතුනොත් watch එක ඒ බව detecte කරගෙන හදිසි ඇමතුම් සේවයට call කරනවා සහ location එක share කරනවා.

Fibit හා google featurers එක්ක තමා මේ watch එක වැඩ කරන්නෙ. මේකෙ size එක අනුව වර්ග දෙකක් release කළා.ඒ තිරයේ විශ්කම්භය 41mm සහ 45mm ලෙසයි.1Hz ඉදන් 60Hz වෙනකං refresh rate එකක් තියෙනවා. Actua display එකක් එක්ක wear os 5 මගින් මේක බලගැන්වෙනවා.

Pixel watch 3 එකට Daily Readiness, Cardio Load සහ Target load ලෙස app තුනක් හදුන්වා දීල තියෙනවා. ඒ ව්‍යායාම් නිරීක්ෂණයට, ඒ මගින් කළ යුතු ව්‍යායම් පෙන්වීමටයි.

ඒ වගෙම watch එක තුළින් samrt home devices පාලනය කිරීමටත් හැකියාව ලැබෙනවා.පැය 36 ක battery life එකක් මේකෙ බලාගන්න පුළුවන්. Pixel watch 41mm wi-fi/bluetooth සමග 349$ ත් LTE සමග 449$ ත් Pixel watch 45mm එක wi-fi/bluetooth සමග 399$ ත් LTE සමග 499$ ත් ලබා ගන්න පුළුවන්.මෙය September 10 ලොව පුරා බෙදා හැරීමට නියමිතයි.

google සමාගම cromecast devices හදන එක නතර කරනවා කියල කිව්ව වගේම ඒ වෙනුවට දවස් කිහිපයකට කලිං google stream 4k devices එක හදුන්වා දුන්නා. මේක youtube, apple tv, google tv වලට සම්බන්ධ වෙන්න පුළුවන්. Voice control පහසුකම තියෙනවා.

google stream 4k device

Conclusion

අවසාන වශයෙන් මේ හැම devices එකකටම unique design එකක් තියෙනවා කියල ඔයාලටම තේරෙන්න ඇති.අලුත් AI featurers එකක් මේ devices තව powerful වෙනවා.Ok,Made by google event එළිදක්වපුව ගැන දැනට දන්න විස්තර ඔක්කොම කිව්ව කියල හිතනවා. ඊළග පාර Apple lovers ලට Apple keynote එකේ විස්තර අරගෙන එන්නම්.

Responses

Please login to rate the post.