Black myth wukong game එකේ background story එක..

මේ වෙන කොට game world එකේ ගොඩක් දෙනෙක් කතා වෙන game එකක් තමා Black myth wukong කියන්නේ.Release කරල තුන්වෙනි දවස වෙන කොට මේකෙ copies 10M (මිලියන 10 ක්) විකිණිලා තියෙනවා. Release කරල පැය 24 ක් යන්න කලිං මේ game ඉතිහාසයේ වැඩිම පිරිසක් ක්‍රීඩා කල single player game එක වෙලා තියෙනවා.
මෙතනදි මං පැහැදිලි කරන්නෙ game එකේ background story එක සහ game එකත් ටිකක් explain කරන්න බලාපොරොත්තු වෙනවා.Background story එක තමා මම mainly forces කරන්නෙ.
Ok, ඔක්කොටම කලිං මූලික දේවල් ටික කියල ඉන්නං. මේ game එක release කරන්නෙ Tencent ප්‍රසිද්ධ සමාගමෙන් වෙන් වෙලා ගිය පිරිසක් විසින් ආරම්භ කරපු Game science කියන studio එක. මේ Game science ආරම්භ වෙන්නෙ 2014 දී Tencent වලින් අයින් වෙලා ගිය සේවකයන් හත් දෙනෙක්ගෙන්. මීට කලිං game science විසින් game දෙකක් release කරල තියෙනවා 100 Heroes සහ Art of war: Red Tieds කියල. මෙයාලගෙ major project එක වුනේ Black myth wukong game එක.මෙයාලට ඕන වෙලා තිබ්බෙ ඓතිහාසික සිදුවීමක් සම්බන්ධ කරල game එකක් develop කරන්න. ඒ නිසා මීට අවුරුදු හතරකට කලිං ඒ කියන්නෙ 2020 අගෝස්තු 20 unreal engine 4 එකෙන් Black myth wukong game එකේ පළමු පූර්ව ප්‍රචාරකපටය release කරනවා.ඒ සමාගමට සේවකයන් බදවා ගැනීමේ අරමුණත් එක්ක. Trailer එක නිසා job applications 10000 විතර ඇවිල්ලා තියෙනවා.දැනට සදහන් වෙන විදිහට මේ game එක develop කරන්න 40M විතර ගිහින් තියෙනව ලු.
දැං මේ game එක PS5,Window,Xbox series X/S වල බලාගන්න පුළුවන්. Single player,Action, Role playing, Souls- like game එකක් මේක. Souls-like කියන එක game එක ගැන කියද්දි explain කරන්නම්.
මේ game එකේ සාර්ථකත්වයට ගොඩක්ම බලපාල තියෙන්නෙ game එකේ characters සහ game story එක කියල තමා ගොඩක් අය කියන්නෙ. ඒ වගේම මේක china වලින් release කරපු පළවෙනි high quality,high budget ඒ කියන්නෙ පළවෙනි AAA game එක කියලත් කියනවා.දැං බලමු මේ game එකට සම්බන්ධ වුණ ඓතිහාසික සිද්ධි.
Xuanzang

මෙතන ඉදං මේ කියන සිද්ධි ඇත්තටම සිදුවුණ ඓතිහාසික සිදුවීම්. ක්‍රිස්තු වර්ෂ හත් වෙන සියවස කියන්නෙ චීනෙ බුදුදහම පරිහානියට පත් වෙලා තිබ්බ කාලයක්.ඒ වෙනකොට බුදුදහම ඉගෙන ගන්න හරියාකාර පොත් පත් තිබුනේ නෑ. 602 අප්‍රේල් හය වෙනිදා ඉපදුන Xuanzang කියන තරුණයා විසි වෙනි වියේදී පැවදි වෙනවා. බුදුදහම ඉගෙන ගැනීමට මෙයාට චීනය පුරා යන්න සිද්ද වෙනවා. මොකද බෞද්ධ පොත් පත් හොයාගෙන. Chang’an වලට එන මොහු බුදුදහම සහ බෞද්ධ පොත් පත් හොයාගෙන ඉන්දියාවට යාමට අධිෂ්ඨාන කරගන්නවා. මේ අනුව තමා මොහු ඉන්දියාවට එන්නෙ.මොහු ලංකාවට එන්නත් හදල තියෙනවා කියල කියනවා. කොහොම උනත් ඉන්දියාවේදී ශ්‍රී ලාංකික භික්ෂූන් හමුවුණා කියල සදහන් වෙනවා. මේ ගමන ගැන Xuanzang පොතක් ලියල තියෙනවා Records of the western regions කියල.
Journey to the west
Journey to the west කියන්නෙ මිං කියන රාජවංශයේදී Wu Cheng’en විසින් Records of the western regions ඇසුරෙන් ලියපු එක් පැත්තකින් ප්‍රබන්ධ නවකතාවක්. බොහෝ දේවල් වල එකතුවක් තමා මේ Journey to the West කියන්නෙ.චීන මිත්‍යා,චීන ජන ආගම්,බුද්දාගම,අමරණීයත්වය වගේ දේවල් මේ පොතේ කතාවට යොදාගෙන තියෙනවා. Xuanzang ගේ ඉන්දියානු ගමනට ආධාර පිණිස මේ පොතේ Sun Wukong, Zhu Bajie, Sha Wujing කියල මිත්‍යා ප්‍රබන්ධ චරිත දෙකක් බලාගන්න පුළුවන්.
Sun wukong

මේ Journey to the West කියන පොතෙන් තමා Monkey king විදිහට මෙයා එන්නෙ.Journey to the west අනුව මෙයා ඉපදිලා තියෙන්නෙ Mountains of Flowers and Fruit කියන කන්දේ මැජික් ගලකින්.
කන්දේ ඉන්න වානරයොත් එක්ක එකතුවෙන Wukong රැලේ නායකයා සදහා වන තරගයකින් රැලේ නායකය වෙනවා. රැලේ වානරයෙක් මිය යනව දකින Wukong ට මරණය පරාජ කරල අමරණීය වෙන්න ඕන වෙනවා. ඒ නිසා Wukong Puti Zushi කියන තාඕවාදී ගුරුවරයාගෙන් තාඕවාදී ශිල්ප ඉගෙන ගෙන අමරණීය වෙනවා.ආපහු කන්දට යද්දි කන්ද යක්ෂයෝ අල්ලන් තියෙනවා දකින wu එයලාව පරජය කරලා ආයෙත් රැලේ නායකය වෙනවා.ඊට පස්සෙ රැලේ අයට ආයුධ සොයා ගත්තත්. තමන්ට ගැළපෙන ආයුධයක් හොයාගෙන Au Guang ගේ නිධානයකින් Buyi Jingu Bang කියල ආයුධයක් හොයා ගන්නවා.ඒ වගේම dragon king න් wukong ට දම්වැල් කමිසයක් සහ ෆීනික්ස් තොප්පියක් හම්බෙනවා.
ඊට පස්සෙ ඇති වුණ සිදුවීම් සහ ස්වර්ගය විනාශ කිරීමට තැත් කිරීම හේතුවෙන් බුදුන් වහන්සේ විසින් Wukong ව ඔහුගේම කන්දේ සිරකරනවා. Journey to the west පොත අනුව ඊට වසර පන්සීයකට පසු Tang Sanzang (Xuanzang ) විසින් Wukong ව තමන්ගේ ගමනට සම්බන්ධ කරගන්නවා.

Game story

Game එකේ story එක යන්නෙ මෙතන ඉදං. Tang sanzang එක්ක චීනයේ බුදුදහම නැවත නගා සිටුවීමට උපකාරකළ නිසා Wu නිදහස් වෙනවා. ස්වර්ගීය උසාවියෙන් ලැබුණු ජීවිතය ඔහු ප්‍රතික්ෂේප කරල Wu එයා ජීවත් වුන කන්දට නැවත යනවා. ස්වර්ගීය උසාවිය ඔහු අකීකරු වීම ගැන කෝපයෙන් Erlang Shen නම් වතුර සහ භූතයන් දමනය කරන දෙවියන්ව යවනවා WU ව ස්වර්ගීය උසාවියට නැවත ගේන්න. දැවැන්ත සටනකින් පසු Wu ව ගලක බැදල මුද්‍රා තබනව වගේම wukong ගේ බලයන් ධාතු හයකට වෙන් කරල චීනය පුරා විසුරුවනවා. කන්දේ සිටින දෛවෝපගත තැනැත්කු එනම් Wukong ගේ බලයන් (ධාතු හය) එක් කිරීමට යන වානරයකු මේවා සොයා ගනිමින් game එකේ ඉදිරියට යනවා. මේ game එකට Ending දෙකක් තියෙනවා.

Soulslike
Soulslike game කියන්නෙ අදුරු පරිසරයක් එක්ක අමාරු game level තියෙන games. මේක games වල එක උප විශේෂයක්. මේ games වල fight හිතන තරං ලේසි නෑ. Player ගෙ character එක මැරුණොත් ආයෙ game එක පටන් checkpoint එකකින්. Soulslike games වල checkpoint එකක් විදිහට තියෙන්නෙ ගිනි මැළයක්. Black myth wukong වලත් ඒක අපිට බලාගන්න පුළුවන්.
ඒ වගේම Boss fight කියල special fight වගයක් බලාගන්න පුළුවන් soulslike games වල. Black myth wukong එකෙත් ඒ විදිහට boss fight බලාගන්න පුළුවන් කිසිම boss කෙනෙක් නොමරා මැරුනොත් ආයෙත් මුල checkpoint එකට ගිහිං පටන් ගන්න වෙනවා.
Ok, Black myth wukong game එකේ background story එකයි, mini game explain එකයි ඉවරයි. China වලින් release වුණ මේ පළවෙනි AAA game එක ගැන ඔයාගෙ අදහස මොකක්ද?
niceeee<3