මොනවද මේ Galaxy Ring කියන්නේ?
Samsung සමාගම විසින් මේ ලගදී එනම් July 10 දී නිකුත් කරන ලද අලුත්ම අලුත් Samsung Galaxy Ring එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අපි හැමෝම සාමාන්‍යයෙන් මුදු 💍 දැකල තියනවා. පලදලත් තියනවා. හැබැයි ඔයා හිතුවද මේ Ring එකක් Tech Gadget එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන් කියල? Samsung සමාගම විසින් මෙන්න මේ වැඩේ අති සාර්ථක ලෙස ඉටු කරලා තියෙනවා.
මේ අලුත් Smart Ring එකේ tech වැඩකැලි ගොඩක් අපිට බලාගන්න පුළුවන් වෙනවා. මුලින්ම අපි බලමු මේකේ main uses ටික. Samsung සමාගමට අනුව මේ Smart Ring එකෙන් අපේ Heart rate එක, body temperature එක, body health එක වගේම අපේ ඇවිදින steps ගණන වගේ දේවල් Samsung Health App හරහා අපට බලාගන්න අවස්ථාව ලැබෙනවා. මේවා Smart Watch ⌚ එකකින් ද කරන්න පුළුවන් වුනාට දෙකේම sizes අපි බැලුවොත් මේ පුංචි ring එකක් ඇතුලේ ඔය හැම දෙයක්ම කරන්න පුලුවන්ද? කියල හිතේවී. මේක හදල තියෙන්නේ කෙනෙක්ගේ health එක ගෙදර දීම තප්පර ගානකින් චෙච්ක් කල හැකි ආකාරයටයි. මේකේ තියන තවත් සුපිරි වැඩකෑල්ලක් තමයි ඇගිලි තුඩු clap 🤏 කිරීමෙන් ෂණයකින් photo එකක් capture කිරීමේ හැකියාව තියන එක. ඔබට මෙම ක්‍රමයෙන්ම Alarm එකක් ද off කල හැකිය.
මේ ring එකෙන් පැය 24/7 ම අපේ body එකේ Health එක check වෙමින් තියනවා. Galaxy Ring එකේ ඇති අතිබලගතු Battery එක නිසා සතියක් දක්වා charge නොකර පැය 24/7 ම පාවිච්චි කිරීමේ හැකියාව අපට අත්විදිය හැකිය. ඔබ gym 🏋️♀️ එකට යන කෙනෙක් නම් හෝ exercise වැඩියෙන් කරන කෙනෙක්නම් මේ ring එකෙන් ඔබට ඔබේ Fitness health එකද පරික්ෂා කර ගන්න පුළුවන් වෙනවා. මේ ring එක IP68 Rating එකක් සමග එනම් water resistant සහ dust resistant features ද ඇතුලත්ය. මෙම ring එක සදහා ඔබට sizing tool එකක්ද මිලදී ගැට හැක.
ඉතින් ඔයත් ආසද මේ Galaxy smart ring එක buy කරන්න? මේ ලින්ක් එක හරහා වැඩිදුර විස්තර ලබා ගත හැකිය : https://www.samsung.com/us/rings/galaxy-ring/
උපදෙස්: Elvin Manuel Fajardo, පාරිබෝගික සේවා අංශය, Samsung සමාගම.
– Game Man
Don’t forget to put a Rating ⭐ if you like post! 🙂
super
Thank you ❤️
❤️
Thank you ❤️
super