OpenAI සමාග​ම විසි​න් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Search Engine එක​ක් එළිදැක්වීමට කටයුතු කර​යි

ChatGPT කියපු ගමන් අද නොදන්න කෙනෙක් නැති තරම්. ChatGPT text-based කෘතීම බුද්ධය ලොවට හඳන්වා දුන් OpenAI සමාගමම තමයි මේ නවතම අත්දකීමටත් අයති කරවන් වෙන්නේ. මේ වෙද්දි අන්තර්ජාලයේ තියන ඕනෑම දෙයක් සොයා ගනීමට අපි භාවිතා කරන්නේ Search Engines. Google සමගම විසන් Google Search, Microsoft සමාගම විසින් Bing වගම DuckDuckGo, Brave වගේ විවිධ වූ අන්තර්ජාල සමාගම් විසින් හඳුන්වා දුන් සෙවුම් මෘදුකාංග එහෙමත් නැත්නම් Search Engines බොහෝමයක් මේ වන විට පවතිනවා.

කොහෙ ගියත් AI කියලා ඇහෙන මේ කාලසීමාව ඇතුළදීම AI තාක්ෂණයෙන් බලගැන්වුණු Search Engine එකක් SearchGPT නමින් හඳුන්වා දීමට OpenAI සමාගම කටයුතු කරලා තියනවා. පසුගිය මාසයක Google සමාගම විසින් ඔවුන්ගේ Gemini AI එක ආශ්‍රයෙන් ඔවුන්ගේ Google Search Engine එක සඳහා Search Labs නම් වූ AI Overview එකක් හඳුන්වා දීමට කටයුතු කරනු ලැබුණු අතර ක්ෂේත්‍රයේ සිටින විද්වතුන් පවසන ආකාරයට OpenAI සමාගමේ නවතම SearchGPT එක හරහා සාම්ප්‍රදායික Search Engine සඳහා දැඩි ලෙස පහර වදිනු ඇතැයි පවසනවා.

දැනට SearchGPT එක prototype එකක් විදිහට තමයි ඔවුන් හඳුන්වා දී තිබෙන්නේ. විශාල වූ text input area එකක “What are you looking for?” ලෙස පහත පිංතූරයේ ආකාරයට දක්වා ඇති අත​ර අප ඇතු​ළත් කරන query එකට අදාළව organized information එහෙමත් නැත්නම් මනා ලෙස සකසන ලද තොරතුරු මෙන්ම summeries ලබා දීම මෙමඟින් සිදු වෙනවා.

උදාහරණයක් ලෙස “තක්කාලි සිටුවීම” ගත්තොත් SearchGPT එක ඊට අදාළව විවිධ වූ තක්කාලි වර්ග සිටුවන ආකාර සහ කාලසීමාවන් ඇතුළත් සකසන ලද තොරතුරු ගොන්නක් අපට ලබා දෙනු ලබනවා. ඒ වගේම එහි side bar එකෙහි ඊට තොරතුරු ලබා ගන්නා ලද sources එහෙමත් නැත්නම් ඊට අදාළ external links list down කරලා පෙන්වනු ලබනවා. මේ වන විට OpenAI සමාගම ඔවුන්ගේ main product එක වන ChatGPT වෙතන ඔවුන්ගේ නවතම Large Language Learning Model (LLM) එක වන GPT-4 හඳුන්වා දී ඇති අතර මෙම SearchGPT එකද නියත වශයෙන්ම GPT-4 හරහා බලගැන්වෙනු ලැබෙනවා.

මේ වන විට SearchGPT එකේ Public Preview එකක් බලා ගන්න නම් ලැබෙන්නේ නෑ. හැබැයි ඔයාට පුළුවන් එයාලගෙ waiting list එකත් එක්ක join වෙලා ඉඳලා SearchGPT experience කරලා බලන්න early access එකක් ලබා ගන්න.

වැඩිදුර විස්තර සඳහා නිළ OpenAI වෙබ් අඩවිය හා සබැඳි SearchGPT වෙබ් පිටුව භාවිතා කළ හැක.

Responses

Please login to rate the post.

  1. නියමයි මලයා.මෙන්න මේ විදියට හරියට රිසර්ච් කරලා කියවන්න ආස හිතෙන්න ආටිකල් එකක් ලියන්නේ කොහොමද කියලාත් පෝස්ට් එකක් දාන්න.හැමෝම කැමති වෙයි