Chanux Bro
✅Forum Replies Created
-
Chanux Bro
Administrator22nd August 2024 at 2:00 pm in reply to: කවුරුහරි මගේ laptop එක virtually use කරනවද?එහෙම වෙන්නත් පුළුවන්.. මොනවා හරි පුංචි අප් එකක් install වෙලා ඒක වැඩ කරනවා වෙන්නත් පුළුවන්.. මොකක්ද වෙන්නේ කියලා හරියටම Sure නැත්නම්, data backup කරලා රීසෙට් කළානම් හරි..
-
Chanux Bro
Administrator16th August 2024 at 8:13 pm in reply to: ලින්ක් එකට ගිය පලියට මගේ පෝන් එක හැක් කරන්න පුලුවන් දඔව් එහෙම කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා.. ඔයා වෙබ් එකේ ඉන්නවා කොටම ඔයාගේ සෙෂන්ස් හැක් කරලා මොනවා හරි කරන්න පුළුවන්. නැත්නම් ඔයා දැනුවත්ව මොනවා හරි ඩවුන්ලෝඩ් කරවන්න පුළුවන්. ඔයා නොදැනුවත්ව උනත් මොනවා හරි ඩවුන්ලෝඩ් වෙලා ප්‍රශ්න ඇති කරන්න පුළුවන්..
ෆෝන් එකට හරි කොම්පියුටර් එකට හරි ප්‍රශ්නයක් වෙන්න ලින්ක් එක ක්ලික් කිරීමම හේතුවක් වෙන්නත් පුළුවන්…
-
Chanux Bro
Administrator9th August 2024 at 11:44 pm in reply to: Data engineer කෙනෙක් කියන්නේ කාටද?කෙටියෙන්ම සරලවම කියනවානම් අමු Raw Data අරගන්න, data collect කරන්න, ඒවා manage කරන්න සහ ඒ data usable information (තේරුම් ගන්න පුලුවන් විදියට හදන්න) system develop කරලා, ඒවා data scientist ලාට BA ට වැඩක් ගන්න පුලුවන් විදියට environment එක සකසන එක තමයි..
ඔය කිව්වට data සම්බන්ධ ගොඩක් ජොබ් කෑලි මික්ස් වෙලා තියෙන්න පුලුවන්..
ඊලග එක කොහොමද data engineer කෙනෙක් වෙන්නේ.. ගොඩක් වෙලාවට Computer Science , Computer engineering , Information technology වගේ background එකකින් පටන්ගන්න පුලුවන්..
-
You have to send a email request
-
Chanux Bro
Administrator9th August 2024 at 6:04 pm in reply to: Youtbe eka block wela appeal ekak dammaYouTube එකේ නීති රීතිවලට ගැලපෙන්නැති මොනවා හරි වීඩියෝස් දැම්මනම් තමයි ඔය විදිහට වෙන්නේ.. එකම වැරැද්ද දිගට දිගට කරල නං අය Appeal කරාට ඔයාට ඕක හම්බවෙන්නේ නැහැ. . වැරදි දෙයක් කරේ නෑ කියලා Sure නම් විතරක් Appeal කරලා ගන්න පුළුවන්
-
Chanux Bro
Administrator8th August 2024 at 3:32 pm in reply to: New Monitor එකක් තෝරා ගන්නේ කොහොමද?ලංකාවේ නම් ඉතිං මුලින්ම ගද්දි ගාන තමයි බලන්න ඕනේ.. මුලින්ම ලංකාවේ popular වෙබ් සයිට්ස් ටිකට ගිහිල්ලා ඔයාගේ ගාණට හරියන මොනිටර්ස් ටික filter කරගන්න..
ඊළඟට තමයි ඉතින් size එක, display technology එක ඩිස්ප්ලේට quality එක වගේ දේවල් ගැන බලන්න වෙන්නේ..
අමතරව ඉතින් usb ගහන්න පුළුවන්ද, power consumption එක කොහොමද, gaming features, වගේ ගොඩක් ඒවා ඉතින් බලන්න ඕනේ..
-
Chanux Bro
Administrator8th August 2024 at 7:15 am in reply to: Motherboard එකක් තෝරා ගනිද්දි සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?මුලින්ම ගාන තමයි බලන්න ඕන. තමන්ගේ බජට් එකට ගැලපෙන බ්‍රෑන්ඩ්ස් ටිකයි , ඒවගේ මොඩල්ස් ටිකයි..
ඔයා ගන්න processor එකට compatible වෙන්න ඕන
RAM TYPE එකට ගැලපෙන්න ඕන
අලුත් BOARD වල WIFI , BLUETOOTH වගේ ඒවා බලන්න ඕන..
Chipset, Board Size, Connectors & Ports
-
Chanux Bro
Administrator7th August 2024 at 7:56 pm in reply to: Powerpoint වෙනුවට ms 365 office කියල ඇප් එකක් තියෙන්නෙ ඇයිඉස්සර අපි පාවිච්චි කරපු ඔෆිස් පැකේජ් එක install කරලා පාවිච්චි කරාට, දැන් ms office 365 කියලා සම්පූර්ණයෙන්ම cloud service එකක් විදිහට වැඩ කරන්න තමයි මයික්‍රසොෆ්ලා හදලා තියෙන්නේ. office 365 license එක ගන්නෙ නැතුව ඒ කියන්නෙ ඇක්ටිව් කරන්නේ නැතුව වැඩ කරන්න හැදුවොත් ඔය විදිහට errors එකක් අනිවාර්යෙන් එනවා..
අලුතින් ගත්ත laptop එකක් නම් සමහර වෙලාවට මාස තුනක් විතර ෆ්‍රී හම්බ වෙනවා. එහෙම නැත්තං ඔයාට සල්ලි දීලා ගන්න වෙනවා.
එහෙමත් නැත්නම් ප්‍රසන්ටේෂන් හදන්න පුළුවන් වෙන software එකට මාරු වෙන්න වෙනවා..
Here are some alternatives to Microsoft 365 PowerPoint:
Google SlidesP
rezi
Keynote
Canva
Zoho Show
Visme
LibreOffice Impress
-
Chanux Bro
Administrator7th August 2024 at 2:49 pm in reply to: Adsense address verification PIN Sri Lankaඔව් request කරාට අවුලක් වෙන්නෙ නැහැ. ඒගොල්ල කියන විදිහට,කී පාරක් එව්වත් එකම PIN එක එවන්නේ..
පළවෙනි ලියුම ආවත් දෙවනි ලියුම ආවත්, එන්නේ එකම PIN නම්බර් එක තමයි තමයි. ඒ නිසා අවුලක් නෑ.. 👍
-
Chanux Bro
Administrator7th August 2024 at 2:39 pm in reply to: Adsense address verification PIN Sri Lankacustomer service එකෙන් එහෙම කිව්වනම් අවුලක් වෙන්නේ නැහැ.. දැන් ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ..
-
Chanux Bro
Administrator7th August 2024 at 1:56 pm in reply to: Adsense address verification PIN Sri Lankaසාමාන්‍යයෙන් නම් මාසයක් එකහමාරක් විතර යනවා කියලා තමයි කියන්නේ.. නමුත් ලංකාවට ගොඩක් වෙලාවට සතියත් – සති තුනත් අතරින් අනිවාර්යයෙන් එනවා. එහෙම ආවෙ නෑ කියලා අවුල් යන්න එපා මොකද සමහර අයට මාස තුනක් ගිහිල්ලත් ඇවිල්ල තියෙනවා.. එහෙමත් ආවේ නැත්නම් තමයි ඔයා දෙවැනි පාර reqest කරන්න ඕනේ.. ඊට කලින් නැවත නැවතත් රික්වෙස්ට් කරන්න හදන්න, කන්ටැක්ට් කරන්න හදන්න එපා. මේ තිගේ Master Academy YouTube චැනල් එකට ආපු Address Verification Letter එක
-
දැනට ඔයා ලියපු ලිපියක් මේ post එකේ තියෙන විදියට එවන්න..
chanuxbro.com
දැනුම බෙදන ගමන් ඔයාටත් Tech Gadgets ජයග්‍රහණය කරන්න දැන් පුළුවන්..
දැනුම බෙදන ගමන් ඔයාටත් Tech Gadgets ජයග්‍රහණය කරන්න දැන් පුළුවන්.. ගොඩක් දෙනෙක් කියවන්න කැමති තාක්ෂණික අධ්‍යාපනික, ඕනෑම මාතෘකාවක් ගැන ලියන්න ඔයාට පුළුවන් නම්, හැම මාසෙකම ජනප්‍රියම ලිපිය මොකක්ද කිය…
-
Chanux Bro
Administrator6th August 2024 at 10:28 pm in reply to: iPhone එකේ iCloud එක නිතරම පිරෙන එකට විසදුමක් තියෙනවාදඔව් ඕකට විසඳුම් කීපයක් තියෙනවා
01. ඔයාගේ ෆෝන් එකේ තියෙන දැනට අනවශ්‍ය Photos, videos, apps delete කරලා දාන්න
02. Computer එකක් තියෙනවා නං, නිතර භාවිතා නොවෙන ෆොටෝස් videos ඔක්කොම copy කරලා iPhone එකෙන් ඒ ටික Remove / Delete කරල දාන්න.
03. iCloud එකට ඔයාට නොමිලේ හම්බවෙන්නේ 5GB. තව වැඩි කරගන්න ඕනේ නං සල්ලි දීලා ගන්න ඕනේ..
50GB: $0.99
200GB: $2.99
2TB: $10.99
04. iPhone එක Direct බැකප් කරන්න පුළුවන් iPhone Pendrive පාවිච්චි කරන්නත් පුළුවන් පහල තියෙන්නේ ලින්ක් එකක්..
👉 https://s.click.aliexpress.com/e/_DDokTi3 Lightning USBC Pendrive for iPhone
s.click.aliexpress.com
Sandisk Ixpand Flash Drive Iphone | Sandisk Ixpand Lightning Usb 3.0 - Sandisk Usb3.0 - Aliexpress
Smarter Shopping, Better Living! Aliexpress.com

