Intel processors වලට මොකද උනේ?

ඔයාලා දන්නවද intel සමාගම මේ වෙනකොට සෑහෙන ලොකු ප්‍රශ්න කිහිපයකට මුහුණ දීලා ඉන්නවා කියලා. බොහොම සරලව කිව්වොත් intel සමාගමේ 13th gen සහ 14th gen CPU සෑහෙන ගැටලුකාරී තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඉතින් මේ නිසා computer games හදන ආයතන, computer games සෙල්ලම් කරන අය සහ servers පාවිච්චි කරලා ගොඩනගාගත් පද්ධති හැම එකක්ම වගේ ගැටලු වලට මුහුණ දෙන්න පටන් අරන් තියෙනවා . මේකට හේතුව වෙලා තියෙන්නේ ඉතා ඉහල වෝල්ටීයතාවය සම්බන්ධ ගැටලුවක්. ප්‍රොසෙසරය තුළ ඇති මයික්‍රොකෝඩ් ඇල්ගොරිතමය (microcode algorithm) අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෝල්ටීයතාවයක් ඉල්ලන නිසා කාලයත් සමඟ ස්ථාවරභාවය නැති වී ගැටලු ඇතිවෙනවා. මේ ගැටලුව ප්‍රධාන වශයෙන් ජනප්‍රිය K-series මාදිලි ඇතුළුව 65W හෝ ඊට වැඩි මූලික බලයක් සහිත ප්‍රොසෙසර් වලට බලපානවා.

මෙන්න මේ හේතුත් නිසා intel සමාගමේ කොටස්වල මිල 30%කින් පහළ වැටුණා. මේ හේතු කාරණාත් එක්ක intel සමාගම පහුගිය සතියේ නිවේදනයක් නිකුත් කලා ලොව පුරා සිටින එයාලගේ කාර්යමණ්ඩලයෙන් 15000ක් පමණ සෙවකයින් රැකියාවෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවා කියලා.
Intel සමාගම වෙළඳපළට නිකුත් කරපු processors නැවත ගෙන්වා ගැනීමක් සිදු කරන්නේ නැති බවත්, මෙම නිෂ්පාදන මිලදී ගත් පාරිභෝගිකයන්ට microcode යාවත්කාලීන කිරීමක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් දැනුම් දීලා තියෙනවා. Intel සමාගම විසින් බලපෑමට ලක්වූ processors සඳහා වසර දෙකක දීර්ඝ වගකීමක්ද ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
Intel සමාගම පරිශීලක පද්ධති වල බලපෑමට ලක්වූ processors පහසුවෙන් හඳුනා ගැනීමට විකල්ප ක්‍රම විමර්ශනය කරනවා. ඔවුන් පවසන්නේ desktop පරිශීලකයින්ට ඔවුන්ගේ desktop processors වල intel default setting වලට අනුගත වෙන්න කියලා. ඒවගේම ඔවුන් පවසනවා BIOS යාවත්කාලීන කරගන්න කියලා.
ඉතින් ඔයත් මේ වගේ තාක්ෂණික ලෝකයේ සිද්ධවෙන දේවල් සිංහලෙන් කියවන්න කැමතිනම් පහළින් ඇති තරු ලබා දීලා අපිත් සමග දිගටම රැඳී සිටින්න. ![]()
❤️
❤
I think Intel will create a new chip and then rise back again.
❤
🤔 ස්තුතියි.. මේ නිවුස් එක අද දැනගත්තේ.. තව ටිකක් හොයලා බලන්න ඕනේ. 👍
❤
aiye lap eke keyboard eke key ekaka paint eka scratch wela thiyenawa
meka hadagnne kohomada
`Normally three is a no way, the only way is to replace key keyboard I think. I think it’s a not a good idea for repair one key bro. Dont get much of it.
Thanks
❤
Thanks
❤
Dannam AMD thama ithin
❤
💪
Supper
❤
👍
💪
Thanks
😊
AMD ganath liyanna
👌👍
Thanks
😊
❤️
thanks