Gemini කියන virtual assistant software එක

කෘතීම බුද්ධිය කියන්නේ අද ලෝකයේ කතා නොකරම බැරි මාතෘකාවක්. අද තාක්ෂනික මෙවලම් වලට නැතුවම බැරි දෙයක්.

කෘතීම බුද්ධිය ගැන ලාංකිකයන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු වෙන්නේchat GPT කියන virtual assistant software එක ජනප්‍රිය වීමත් එක්ක. මම අද කතා කරන්න යන්නේ Chat GPT ගැනනම් නෙමෙයි.

ඒ Gemini කියන virtual assistant software එක ගැන. 2023 දෙසැම්බර් මාසයේ නිකුත් වුන මෙය ග Google සමාගමේ නිෂ්පාදනයක්. මේක නිර්මාණය වෙන්නේ Google සමාගම විසින් සංවර්ධනය කරපු LaMDA , PaLM 2 කියන large language models පදනම් කරගෙන.අද වෙනකොට මේක Gemini Ultra ,Gemini pro ,Gemini Flash ,Gemini Nano වගේ මාදිලි ගොඩක් මේකේ තියනවා. වර්තමානය වෙනකොට Google Gemini ,Open Ai සමාගමේ GPT-4 (chat GPT) හි ප්‍රධාන ප්‍රතිවාදිය කියල කිව්වොත් හරි. Gemini ඒ තරම්ම හොද නිෂ්පාදනයක්.

ඉතින් http://www.gemini.google.com කියන වෙබ් අඩවියෙන් නැත්තම් google play store එකේ තියන Google Gemini කියන app එක හරහා ඔයාලටත් මේක පාවිච්චි කරලා බලන්න පුළුවන්.

ඉතින් තාක්ෂණයත් එක්ක වේගයෙන් ඉදිරයට යන අද ලෝකයේ අපිත් එත් එක්කම ඉදිරියට ගියේ නැත්තම් අනාගත ලෝකයේ අනිත් රටවල් අපිව පහු කරලා ගොඩක් දුර ගිහින් හිදිවි. ඔයාටත් මේ ක්ෂේශ්ත්‍රය ගැන කැමැත්තක් තියනවා නම් අදම නව තාක්ෂනය ගැන දේවල් ගවේෂණය කරන්න. ඒ ගැන ඉගෙනගන්න. එක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

Responses

Please login to rate the post.