අත ඇරලා දාලා තිබුණු Gaming යූටියුබ් චැනල් එකෙන් ආයෙත් සල්ලි
අවුරුදු ගානකට කලින් අත ඇරලා දාලා තිබුණු Gaming යූටියුබ් චැනල් එකෙන් ආයෙත් සල්ලි එන්න පටන් ගත්තා.. මේ මම ආසාවට අවුරුදු හතරකට කලින්, Games Play කරන්න හදපු YouTube චැනල් එකක්. ඒකෙ නම PlayGuin. ඒ කාලේ වීඩියෝස් දැම්මට මේක Monetize කරලා තිබුණෙ නෑ. ඒ කියන්නෙ මේකෙන් සල්ලි ලැබුණෙ නෑ. මොකද Subs 1000 සහ Watch Hours අවශ්‍ය නිසා.
කොහොම හරි ඒ කාලෙ මම දාපු වීඩියෝ කීපය නිසා සබ්ස්ක්‍රයිබර්ස්ලා නම් ගොඩක් ඇවිල්ලා තිබුනා.. අවුරුද්දක් ඇතුළත Watch Hrs complete කරගන්න ඕන නිසාම.. ඒක Complete වෙලා තිබුණෙ නෑ..
ලඟදි මම ගත්ත Gaming Gadgets ටිකයි Games ටිකයි නිසා වීඩියෝ එකක් දෙකක් රෙකෝඩ් කරල දාන්න හිතුනා.. දැක්කනේ වීඩියෝ නොදා ඉඳලා පාළුවට ගිහිල්ලා තිබුණු චැනල් එකට එක පාරටම Views එන්න පටන් ගත්තා.. ලක්ෂ ගණන් නෙමෙයි දවසට හත්දාහක් වගේ පොඩි ගානක්. මිනිස්සුන්ට නොතේරෙන දේ තමයි මේ පොඩි Views වලිනුත්, අපිට ලොකු $ ගානක් උපයන්න පුළුවන් කියන එක..

වීඩියෝස් දෙකෙන් ආපු Views වලින් Watch Hrs 3000+ ම දින කිහිපයක් ඇතුළත ආවා.. ඊළඟ දවසේ, Watch hrs 4000 Complete නිසා මම youtube partner program එකට ඇප්ලයි කරා. පහුවදා උදේ 11.00 වෙනකොට මාව youtube partner program එකට ඇතුළත් කරගෙන තිබුණා. ඒ කියන්නේ මට මුදල් උපයන්න පුළුවන් තත්ත්වයට යූටියුබ් චැනල් එක අප්ඩේට් කරලා තිබුණා..

පුංචි Views ගානකින් එන පුංචි ඩොලර් $ ගාන උනත් මාසයක් යනකොට, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ වැටුපට වැඩි ප්‍රමාණයක් අපිට උපයා ගන්න පුළුවන්. එහෙම පුංචියට ඩොලර් එන්නේ, ඉතින් වීඩියෝස් නොදා හිටියොත් තමයි. වීඩියෝස් දාලා හොඳට චැනල් එක Update කරලා, මිනිස්සුන්ට ආස හිතෙන විදියට වැඩ කරන්න ගත්තොත්.. මේක බලාගෙන ඉද්දි වැඩි වෙන්න පටන් ගන්නවා..

මම හිතන්නේ youtube කියන්නේ FullTime Only කරන්නම පුළුවන් දෙයක් විතරක්ම නෙමෙයි.. මනුස්සයෙක්ගේ හැම Hobbies වලින් පවා, අමතරව මුදල් උපයන්න පුළුවන් මිනිස්සු අතරට යන්න පුළුවන් හොඳ මාර්ගයක්..
මේ විදිහ යූටියුබ් චැනල් හදන එකත් දැම්මට විනෝදාංශයක් වෙලා.. මුදල් උපයන youtube channel එකතුවට එකතුවෙන අලුත්ම චැනල් එක මේක PlayGuin
මම දන්නවා මේ කියපු සමහර දේවල් ගැන ඔයාලට කිසිම අයිඩියා එකක් නැහැ. . ඒ කියන්නේ youtube වලින් මේ විදියට මුදල් උපයන්න පුළුවන්ද කියන එක ගැනවත් ඔයාට අදහසක් නෑ. . ඔයාල වෙනුවෙන් තමයි මේ චැනල් එක මම හදල තියෙන්නේ. Master Academy ( https://www.youtube.com/@masteracademylk ) මේ හැම දේම පැහැදිලිව කතා කරලා තියෙනවා
youtube වලින් සාර්ථක වනුවෙන් එක ගැන මම ගොඩක් දේවල් කතා කරල තියනව Master Academy ( https://www.youtube.com/@masteracademylk ) යූටියුබ් චැනල් එකේ හොයලත් කැමතිනම් ඒකට ජොයින් වෙන්න
Inspiring as always! 💗
👍
❤️
chanux Bro aiye aththatama man kiuwoth man karana karana hamadeyakma wadak nathi wenawa kochchara mahansi unath …. aiye mata puluwannam mokak hari hoda deyak karala sarthaka wenna ….. Man harima asa karana deyak me aluth technology eka gana karanna puluwan uparimen karaganna mata puluwan mata aiyagen path ekak igana ganna puluwanda …..
❤️
nice
superb motivation
patta
❤