2024 දී Steam එකෙන් free ගන්න පුළුවන් සුපිරිම games 5 ක්.

2024 දී release කරපු steam එකෙන් totally free ගන්න පුළුවන් games පහක් ගැනයි අද කියන්නෙ. වර්තමානෙ ගොඩක් අය commonly පාවිච්චි කරන system requirements වලට මේ game ගැලපෙනවා.

The First Descendant

Ok,ඉස්සෙල්ලම තියෙනවා ජූලි මාසෙ hit වුන game එකක් The first descendants.Nexon games Co.Ltd එකෙන් තමා මේ game එක release ජූනි 30 වෙනිදා. මේක first person shooter game එකක්. ඒ වගේම මේක 3d game එකක්.Review වලින් නම් ගොඩක් අය කියල තියෙන්නෙ මේක warframe & Destiny 2 games වලට සමානයි කියල.Game එකේ story play time එක පැය 40 යි.

මේක කතාව පොඩ්ඩක් කිව්වොත් ingris කියල මහාද්වීපයකට vulgus කියල පිටසක්වල ආක්‍රමණයක් එනවා. මෙයාලගෙන් මිනිස්සුන්ව,මහාද්වීපය බේරගන්න Descendants ලව තමා player ට හසුරවන්න තියෙන්නෙ.

4-player co-op විදිහට online මේක play කරන්න පුළුවන්. ඒ වගේම Mod and prestige system එකක් තියෙනවා level හදන්න power වැඩි කර ගන්න වගේ දේවල් වලට.ලස්සන colours,actions,surround එකක් මේකෙ බලාගන්න පුළුවන්.

මේක හදල තියෙන්නෙ unreal engine 5 වලින් 8gb ram එකක් 50gb storage එකක් GTX 1050 ti එකක් එක්ක ඔයාලට මේක play කරන්න පුළුවන්.

Steam link එක:-https://store.steampowered.com/app/2074920/The_First_Descendant/

Once Human

මේක Third person open world multiplyer විදිහට සෙල්ලං කරන්න පුළුවන් survival game එකක්. Android,ios,winodw කියන platform තුනේම මේක තියෙනවා.ජූලි 9 තමා මේක release කරල තියෙන්නෙ starry studio. දැනට 76000 ක පිරිසක් මේකට positive විදිහට rate කරල තියෙනවා.

මේකත් පිටසක්වල කතාවක් තමා. Stardust කියල පිටසක්වලයින් වගයක් ජීවත් වෙන මනුෂ්‍යයන් විකෘති කරල තියෙන අනාගතයක ක්‍රීඩකයින්ට meta- human නම් role එක තමා භර වෙන්නෙ. විකෘති ජීවීන් සමග සටන් කරමින්, භාණ්ඩ එකතු කරමින්, බඩගින්න, සනීපාරක්ෂාව ගැන බලා ගනිමින් game story එක ඉස්සරහට යනවා.

8gb ram එකක් එක්ක 55gb storage එකක් එක්ක GTX 750ti එකක් එක්ක ඔයාටත් මේක play කරන්න පුළුවන්.

Steam link එක:-https://store.steampowered.com/app/2139460/Once_Human/

Enlisted

මේක පැය 18 විතර steam එකේ විකුණන්න දාල තිබ්බ game එකක්. තාක්ෂණික දෝෂ නිසා මේක අයින් කරල ඒව ආයෙ හදල නැවත මේක දාල තියෙනවා free. Ganijia Entertainment සමාගම විසින් තමා මේක publish කරල තියෙන්නෙ.

මේක first person shooter game එකක්. මේකේ story එකක් නම් යන්නෙ නෑ. දෙවන ලෝක යුද්දෙ යුද්ධ කරන්න තමා තියෙන්නෙ මේකෙ. 3d game එකක් මේක.

මේක play කරන්න 8gb ram එකක් 44gb storage එකක් GerForce 660 graphic card එකකින් පුළුවන්.

Steam link එක:-https://store.steampowered.com/app/2051620/Enlisted/

Metal slug: Awakening

Mini militia mobile game style game එකක් තමා මේ. Graphic අතින් ඉහළ මට්ටමක තියෙනවා.HAOPLY Limited විසින් තමා මේක publish කරන්නෙ.

මේකෙ ගළාගෙන story එකක් බලාගන්න නෑ.8gb ram,30gb storage,GTX 750 එක්ක ඔයාට මේක play කරන්න පුළුවන්.

Steam link එක:-https://store.steampowered.com/app/2963870/Metal_Slug_Awakening/

Summoners war

මේකනං ඔයාලනං අහල නැති වෙන්න විදිහක් නෑ. මේකේ mobile game එක ගොඩක් ප්‍රසිද්ධයි. Com2us එකෙන්ම තමා මේක steam එකට ජනවාරි 8 release කරන්නෙ.

4gb ram එකක්,10gb storage, GTX 460 එක්ක මේක ඔයාට Play කරන්න පුළුවන්.

Steam link එක:-https://store.steampowered.com/app/2426960/Summoners_War/

Ok,මේ තමා game පහ. සමහර ඒව ඔයා දැනටමත් phone එකෙන් play කරල ඇති.මෙතන තිබ්බ game එකක් හරි steam එකෙන් අරන් ඔයා play කරල තියෙනවද? ඔයාගෙ game experience එක කොහොමද කියල අදහස් බෙදා ගමු.

Responses

Please login to rate the post.